×

තුර්කියට ගැහැණු එපාද? : සතිය සැකෙවින් (ඡායාරූප)

මෙම ලිපිය සැකසෙන්නේ Reuters Top Photo of the Day විශේෂාංගය ඇසුරෙනි.


ඉස්තාන්බුල් ප්‍රඥප්තිය යනු, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා 2011 වසරේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී ඇති කර ගත් අන්තර්ජාතික සම්මුතියකි. නමුත් තුර්කිය, මෙයට දින කිහිපයකට පෙර එයින් ඉවත් විය. ඉහත දැක්වෙන්නේ ඒ වෙනුවෙන් පැවති උද්ඝෝෂණයකි. REUTERS/Umit Bektas

ඊශ්‍රායල් පලස්තීන අර්බුදය දිගටම

සිකුරාදා දේව මෙහෙයෙන් පසු නැගෙනහිර ජෙරුසලමේ සිල්වාන් ප්‍රදේශවාසීන් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවෙන් එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරය නිසා පළා ගියේ මෙසේ ය. මේ වන විට ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව සිල්වාන් අවට පෙදෙසේ නිවාස විනාශ කිරීම භාරව සිටියි.
REUTERS/Ammar Awad

 

නිල ඇඳුම් නැතත් මේ සිටින්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සාමාජිකයන් ය. නැගෙනහිර ජෙරුසලමේ සිල්වාන් පළාතේ සැලසුම් කර ඇති ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඔවුන් ඇතැම් විට සිදුකරන්නේ සිවිල් පිට, ආයුධ සන්නද්ධව ය. REUTERS/Ammar Awad

 

වේල්ස් හි ආදිපාදවරිය නොහොත් ලෝකයේම ආදරය දිනූ ඩයනා කුමරියගේ ප්‍රතිමාවක් දෙස ඇගේ පුත් කුමරුවන් දෙදෙනා බලා සිටින අයුරු. මෙම ප්‍රතිමාව පිහිටා තිබෙන්නේ කෙන්සින්ටන් මාළිගයේ සන්කන් උද්‍යානයේ ය. Dominic Lipinski/Pool

 

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ ජිල් බයිඩන් ආර්යාව, ෆ්ලොරිඩා හි ටෙන්ට් සිටි ප්‍රදේශයේ සිදුවූ ගොඩනැගිලි අනතුරින් මිය ගිය වෙනුවෙන් ඉදි වූ සැමරුම් ඵලකයක් අබියස. මෙම අනතුරින් 22 දෙනෙක් මිය ගොස් තිබේ. REUTERS/Kevin Lamarque

 

චීනයේ බෙයිජිං හි තියනාන්මෙන් චතුරස්‍රයේ පැවති කොමියුනිස්ට් පක්ෂ සියවස් සැමරුමේදී අවසානය. සිය දහස් ගණන් බැලුම් අහසට මුසු වෙද්දී රැස්ව සිටියෝ පක්ෂ කොඩිය වනමින් ප්‍රීතිඝෝෂා නැගූහ. REUTERS/Carlos Garcia Rawlins

 

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටා ඇති චීන තානාපති කාර්යාලය ඉදිරියේ මෙසේ විරෝධය පෑවේ ටිබෙට් ජාතිකයෙකි. චීනයේ කොමියුනිස්ට් පක්ෂය සියවස සමරද්දී ටිබෙටය සම්බන්ධයෙන් චීනය ගෙන යන මර්දනකාරී පිළිවෙත හෙළා දැකි ඔහු, එසැණින් පොලිස් නිලධාරීන්ගේ මර්දනයට ලක් විය. REUTERS/Adnan Abidi

 

බිම වැටුණු මහ රැජින

කැනඩාවේ විනිපෙග් වෙතින් සිය ගණන් ආදිවාසී දරුවන්ගේ ඇටකටු ඇතුළු අවශේෂයන් හමුවීමත් සමග එම ගොඩනැගිල්ල අසල තිබූ වික්ටෝරියා රැජිනගේ පිළිමයට කෝපාවිෂ්ට වූවෝ හානි සිදුකළහ. මේ, මුහුණ විකෘති කර තිබූ එම ප්‍රතිමාව, අවසානයේ බිම ඇද දැමූ ආකාරයයි. REUTERS/Shannon VanRaes

අදාළම නැත!

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් කර තිබියදී, සමාජ දුරස්ථකරණය අදාළම නැති පරෙවියෙක් සිඩ්නි නුවර සාප්පුවක සංචරණය කරමින් සිටියේ මෙසේ ය. REUTERS/Loren Elliott



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි