×

මේ බිහිසුණු මරණයේ වගකිව යුත්තා කවුරුන්ද?

වූ යොනින්ග් (Wu Yongning) නම් වූ ඔහු තමන්ව ලෝකයට හදුන්වා දෙන ලද්දේ Roof Topper නමිනි.


කිසිදු ආරක්ෂිත ආධාරකයක් නොමැතිව තනිව ඕනෑම ගොඩනැගිල්ලක් මුදුනට නැග තමාවම වීඩියෝ කරගන්නා වූ යොන්ග් චීනයේ නොනගින ගොඩනැගිල්ලක් තිබුණේ නැතිතරම්ය . ඔහුගේ වීඩියෝ චීනයේ තරුණ පිරිස් ඉතා වුවමනාවෙන් නැරඹූ අතර ඔහුව නොදන්නා චීන තරුණියක් තරුණයෙක් නැති තරම්ය.

ජාත්‍යන්තර වශයෙන් ද ත්‍රාසජනක ක්‍රියාවල යෙදෙමින් ලෝකය මවිත කරවන්නෙක් ලෙස මෑත භාගයේ අතිශයින්ම ජනප්‍රිය වී සිටියේය. නොබෝදා තට්ටු 62 යුත් ගොඩ නැගිල්ලකට නැග සිය වීර වික්‍රමාන්විත පෙන්වීමට ගිය ඔහු ඉන් ඇද වැටී මිය ගිය බව ඔහුගේ ප්‍රේක්ෂකයින් දැන ගන්නේ ඔහුගේ මරණයෙන් මසක් ඉක්ම ගිය පසුවය. ඒ, වූ යොන්ග් ගේ වීඩියෝ අන්තර්ජාලයේ දක්නට නොලැබීම ගැන ඔවුන් කළ පැමිණිල්ලකදී ඔහුගේ පෙම්වතිය විසින් ඔහු මිය ගිය බව අනාවරණය කිරීමත් පසුවය.

චීනයේ බීජිං පුවත් සේවය පවසන පරිදි වූ වූ යොනින්ග් විසින් ඔහු මියයන්නට පෙර සිය වික්‍රමාන්විත සහිත වීඩියෝ 500ක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබූ අතර ඔහු එමගින් මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ද, හිට් වූ වීඩියෝ සදහා යුආන් 550,000 ($82000) මුදලක්ද ආසන්න වශයෙන් උපයා ගෙන තිබේ. ඔහු මෙසේ මුදල් උපයන්නට පටන් ගෙන තිබෙන්නේ පසුගිය ජූනි මාසයේ පටන්, එනම් ඉතා මෑතකදී වීම ද කැපී පෙනෙයි. මරණයේ අභිමුව හිදිමින් ඔහු විසින් සිදු කරනු ලබන මෙම බිහිසුණු ක්‍රියාවන් කිහිප විටක්ම චීනයේ මාධ්‍ය මගින් විවේචනයට ලක්ව තිබූ අතර එය ප්‍රචාරණය සදහා අන්තර්ජාලට තුළ ඔහු විසින් භාවිත කරන ලද වීඩියෝ චැනලයද ඉවත් කරන ලෙස ඔවුන් පෙර දැනුම් දීම් සිදු කර තිබේ.

ඔහු මියයන්නට පෙර සිය වික්‍රමාන්විත සහිත වීඩියෝ 500ක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ.

ඔවුන් මෙම වීඩියෝ නරඹන ප්‍රේක්ෂකයන් හදුන්වා දෙනු ලැබුයේ ජීවිතයක් මිලදී ගන්නන් “purchasing a life”ලෙසය. කෙසේ හෝ වේවා වූ යොන්ග් විසින් අතිශය බිහිසුණු ලෙස පේක්ෂකයන් පිනවන්නට යෑමත් තමන්ගේ ජීවිතය මිල කරන්නට යාමත් නිසා අද ඔහුගේ ජීවිතය එය විසින්ම අවසන් කර ඇත . මේ පිළිබදව ලෝකයේ නව කථා බහක් ආරම්භ වී ඇත් අතර තවත් rooftoppers ලා බිහිවීම වැළැක්වීමට නම් ජීවිත සමග සටන් කර අන් අයටද වැරදි ආදර්ශ ගෙන දෙන්නන්ගේ බිහිසුණු ක්‍රියාවල ත්‍රාස රසයට ඔල්වරසන් නොනංවා සිටිය යුතුය .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි