×

Round The Twist 2024 දී වේදිකාව උණුසුම් කිරීමට සැරසෙයි!

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාරි බිස්කට් එකක් කන ගමන් තේ කෝප්පයක රස බලමින් මායා බන්ධන, පරිගණක දඟයෝ එක්ක ගෙවුන ළමා කාලය ආපසු පසක් කර දෙමින් Round The Twist ආපහු කරළියට නැවුම් ආකාරයෙන් පැමිණෙන පුවතක් අසන්නට ලැබිණි. Round The Twist යනු 90 දශකයේ ඕස්ට්‍රේලියානු ළමා කොමඩි රූපවාහිනී කතා මාලාවක් වන අතර එය ට්විස්ට් […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මාරි බිස්කට් එකක් කන ගමන් තේ කෝප්පයක රස බලමින් මායා බන්ධන, පරිගණක දඟයෝ එක්ක ගෙවුන ළමා කාලය ආපසු පසක් කර දෙමින් Round The Twist ආපහු කරළියට නැවුම් ආකාරයෙන් පැමිණෙන පුවතක් අසන්නට ලැබිණි.

Round The Twist යනු 90 දශකයේ ඕස්ට්‍රේලියානු ළමා කොමඩි රූපවාහිනී කතා මාලාවක් වන අතර එය ට්විස්ට් පවුලේ අද්භූත වික්‍රමාන්විතයන් මෙන්ම ප්‍රබන්ධ වෙරළබඩ නගරයක් වන පෝර්ට් නාරන්ද හි ප්‍රදීපාගාරයක වාසය කිරීමට ඔවුන්ගේ වාසස්ථානය හැර යන කතාවක පෙලගැස්මකි.

ABC iview

Paul Jennings ගේ කෙටිකතා ඇසුරින් Australian Children’s Television Foundation විසින් නිෂ්පාදනය කරන ලද රූපවාහිනී වැඩසටහන පාදක කරගත් Round the Twist the Musical, 2024 නොවැම්බර් මාසයේදී Brisbane හි මංගල දර්ශනය ඉදිරිපත් කරනු ඇතැයි පවසයි. QPAC (ක්වීන්ස්ලන්ත රංග කලා මධ්‍යස්ථානය) සමඟ එක්ව ක්වීන්ස්ලන්ඩ් රඟහල විසින් සංගීතමය ආකාරයෙන් මෙය වේදිකාගත කෙරේ.

BuzzFeed

රවුන්ඩ් ද ට්විස්ට් ( Round The Twist) ට අමතරව මායාබන්ධන (Spellbinder), පරිගණක දඟයෝ (Crash Zone), ද ගර්ල් ෆ්‍රොම් ටුමෝරෝ (The Girl From Tomorrow), ලෙගසි ඔෆ් ද සිල්වර් ෂැඩෝ (Legacy of the Silver Shadow), අපූරු යාලුවෝ (Johnson and Friends), ටච් ද සන්(Touch The Sun), විනර්ස්(Winners), ඩාන්ස් අකැඩමි(Dance Academy), එකී මෙකී නොකී බොහෝ නිර්මාණයන් Australian Children’s Television Foundation (ACTF) හි නිර්මාණ වේ. ඒවායින් මායාබන්ධන , පරිගණක දඟයෝ, අපූරු යාලුවෝ ආදියනම් අනූ ගණන් වල ඉපදුණු පොඩ්ඩන්ගේ සිහින ලෝක පාරාදීසයන්ට අත වැනූ නිර්මාණයන්ගෙන් කිහිපයකි.

Youtube
imdb.com

රවුන්ඩ් ද ට්විස්ට් යනු ප්‍රකට ළමා සංදර්ශනයක් වන අතර, එය අනූව දශකයේ ළමයින් විසින් එහි හාස්‍යය උපදවන අයුරු සහ විකාර කතා තේමාවන් ආදරයෙන් වැලඳ ගනිමින් රසවිදීය. එය වසර 30ක් පුරා රටවල් 150කට අධික ප්‍රමාණයක විකාශය වී ඇත.

“මම රවුන්ඩ් ද ට්විස්ට් නරඹමින් හා එයට ආදරය කරමින් හැදී වැඩුණු ලොව පුරා සිටින ළමා පරම්පරාවෙන් කෙනෙකි. සංගීතය සෑම විටම කතා මාලාවේ මූලික අංගයක් විය. ප්‍රදීපාගාරයේ වාදනය වන අද්භූත සංගීතය පිටුපස ඇති අතර අමතක නොවන තේමා ගීතය සංගීත අනුවර්තනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ද ප්‍රසංගය නරඹා හැදී වැඩුණු පරම්පරාවට නව දරු පරම්පරාවක් කතාවට හඳුන්වා දීමට හැකි වීම ගැන ඔහු සතුටු වන බවද ලේඛකයෙකු සහ නිර්මාපකයෙකු වන පෝල් හොජ් තම අදහස් දැක්වීය.

ක්වීන්ස්ලන්ඩ් රඟහලේ කලාත්මක අධ්‍යක්ෂ ලී ලුවිස් පැවසුවේ, “වසර ගණනාවක් තිස්සේ ක්වීන්ස්ලන්ඩ් රඟහලේ සිටින අප සැමට එය ආදරයේ ශ්‍රමයකි, අවසානයේ මෙම නිෂ්පාදනය ජීවමාන වීම දැකීමට අපි අතිශයින් සතුටට පත් වෙමු. මම හිතන්නේ ඔවුන් මුළු රටටම, මුළු ලෝකයටම නැතිනම් මුළු ලෝකයටම අසාමාන්‍ය දෙයක් කර ඇති බව – අපි එංගලන්තයේ සිට වෙන්කරවා ගැනීමට උත්සාහ කර ඇත.

ප්‍රසංගය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Muriel’s Wedding The Musical, Priscilla Queen of The Desert The Musical සහ තවත් බොහෝ නාට්‍ය, සංගීත සහ ඔපෙරා හි සම්මානලාභී අධ්‍යක්ෂක Simon Phillips විසිනි.

ACTF ප්‍රධාන විධායක නිලධාරී ජෙනී බක්ලන්ඩ් මෙසේ පැවසීය: “රවුන්ඩ් ද ට්විස්ට් යනු ඕනෑම තැනක වඩාත්ම ප්‍රසිද්ධ සහ ආදරය කරන ළමා සංදර්ශනවලින් එකක් වන අතර, අපෙන් නැවත පණගැන්වීම ප්‍රේක්ෂකයින්ට ඇදහිය නොහැකි තරම් විශේෂ දෙයක්.

රවුන්ඩ් ද ට්විස්ට් ද මියුසිකල් 2024 නොවැම්බර් 12 සිට දෙසැම්බර් 1 දක්වා ක්වීන්ස්ලන්ඩ් රඟහලේදී පැවැත්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි