×

ස්ප්‍රින්ග්බොක්ස්ගෙන් ලෝක කුසලානය උදුරා ගන්නට ඕල්ඩ් බ්ලැක්ස්ට නොහැකි වෙයි

සටහන – නිශ්මං රණසිංහ කොළඹ ( LNW ): ක්‍රීඩාව කෙතරම් දේශපාලනිකද යන්න කියවා ගැනීමට හොඳම උදහරණයකි දකුණු අප්‍රිකාව. 1987 දී ඇරඹෙන රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා පිරිනැමෙන වෙබ් එලීස් කුසලානය වර්ණබේද වාදී දකුණු අප්‍රිකාව නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා තමන්ගේ නිදහසින් හෝ මහජනයා ලබා දුන් ජයග්‍රහණයෙන් රටට දිය නොහැකි බව නෙල්සන් මැන්ඩෙලා වටහාගෙන තිබිණ.රටක් […]


සටහන – නිශ්මං රණසිංහ

කොළඹ ( LNW ): ක්‍රීඩාව කෙතරම් දේශපාලනිකද යන්න කියවා ගැනීමට හොඳම උදහරණයකි දකුණු අප්‍රිකාව. 1987 දී ඇරඹෙන රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා පිරිනැමෙන වෙබ් එලීස් කුසලානය වර්ණබේද වාදී දකුණු අප්‍රිකාව නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා තමන්ගේ නිදහසින් හෝ මහජනයා ලබා දුන් ජයග්‍රහණයෙන් රටට දිය නොහැකි බව නෙල්සන් මැන්ඩෙලා වටහාගෙන තිබිණ.රටක් හැටියට දෙකොටසක් බවට පත්වීම නැවතීම මිස සුදු හමෙන් කළු හමට කෙරුණු කෙනශිලිකම්වලට ප්‍රති උත්තර සැපයීම දුෂ්ඨ දේශපාලනික චින්තනයක් මැන්ඩෙලාට නොතිබිණ.එක රටක් එක දැයක් ලෙස සුදු – සහ කළු හිත් පාහන යන්තරය බවට මැන්ඩෙලා යොදා ගන්න උත්සාහ කරන්නේ රග්බි ය.

නිදහස් මැන්ඩෙලා යටතේ පාලනය වන දකුණු අප්‍රිකාව පළමු වරට ජාත්‍යන්තර ඉසව්වක් හැටියට සංවිධානය කරන්නේ ලෝක රග්බි කුසලානය සඳහා වන තරගයය.ලෝකයෙන් සංවිධාන අවස්ථාව දිනා ගත්තද සිය රටේ ජනතාවගේ ආශිර්වාදය එයට මුහු කර ගැනීම පහසු නොවන බව මැන්ඩෙලා දැන උන්නේය.පීඩාවට පත්ව සිටි කළු මිනිසුන් බහුතරයක් දකුණු අප්‍රිකාව ලෙස පිටියට එන සුදු බහුරතයකට තමන්ගේ යැයි සිතා දිරි ගන්වනු ඇතැයි මැණඩෙලාට සියයට සියයක විශ්වාසයක් නොතිබිණ.මැණ්ඩෙලා එක දකුණු අප්‍රිකාවක් බවට හෘදය ස්පන්දනය වෙනස් කරන දේශපාලනය පටන් ගත්තේ වෙබ් එලීස් කුසලානය සමඟය.එය ඉන්වික්ටස් චිත්‍රපටය නරඹා ඇත්නම් ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍යය නොවනු ඇත.ක්ලීන්ට් ඊස්ට්වුඩ්ගේ අධ්‍යක්ෂණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් වැය කර නිපද වූ ඉන්වික්ටස් ඇමෙරිකානු මිලියන 122 ට වැඩි මුදලක් ඉපැයූ ලොව පුරා මිනිසුන් වැළද ගත් සම්මානනීය චිත්‍රපටයක් විය.

මැන්ඩෙලාගේ දේශපාලනික ජයග්‍රහණයක් ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිඩා ඉතිහාසයට පළමු වරට සව්දිය පුරන්නට ලැබුණු වෙබ් එලීස් කුසලානය මෙවර පැවත්වුණේ 10 වන වරටය.එය නිමාවන මොහොතේ දකුණු අප්‍රිකාව සිව්වතාවක් එය දිනාගෙන අවසන්ය.එය කණ්ඩායමක් වෙබ් එලීස් තමන් සතු කර ගත් වැඩිම වාර ගණන ලෙස ඉතිහාසයට එකතු වන්නේය.2019 දී ජපානයේදී වෙබ් එලීස් රැගෙන ගිය දකුණු අප්‍රිකාව එය ඉතිහාසයේ වැඩිම වරක් දිනා ගත් කණ්ඩායම සමඟ නවසීලන්තය සමඟ සම තත්ත්වයට පත් විය.මෙවර එම වාර්තාවේ තනි අයිතිය තමන් සතු කර ගත් දකුණු අප්‍රිකාව තවමත් නවසීලන්තය සමඟ සමව විඳින වාර්තාවකට ද හිමි කම සකසා ගත්තේය.ඒ ඒ පිට දෙවතාවක් සූරතාවය දිනා ගනිමින්ය.නවසීලන්තය 2011 සහ 2015 දී ලෝක කුසලානයට හිමිකම් කියමින් දිනා ගත් ලෝක කුසලානය 2019 සහ මෙවර පිට පිටම අත් කර ගනිමින් දකුණු අප්‍රිකාව ද එම තත්ත්වයට පත් විය.

ස්ප්‍රින්ග්බොක්ස් නම් සුවිශේෂි ජවසම්පන්න ප්‍රහාරකයාට මේ තරගයේ හමුවන්නේ ලෝක රග්බි සංස්කෘතිය ඇතුළේ වෙනස්ම අනන්‍යතාවයකින් ක්‍රියා කරන ඔල්ඩ් බ්ලැක්ස් නම් වූ නවසීලන්ත කණ්ඩායමයි.දෙපිළම කරට කර සිටි තරගාවලිය ආරම්භයේ පරාජයේ තිත්ත රස විදිමින් පසුව අවදි වූ කණ්ඩායම් දෙකක්.සිය සූරත්වය වෙනුවෙන් කරන සටන එක් පරාජයකින් මුවහත් කරගන්නේ කෙසේදැයි උදාහරණ සපයමින් තරගාවලිය තුළ මොහොතින් මොහොත සූරතාවය සඳහා වන සටනට තමන්ට ඇති අයිතිය සහ හැකියාව සාර්ථකව ඉදිරියට ගෙනා කණ්ඩායම් දෙකක්.

පළමු අර්ධය දකුණු අප්‍රිකාව නවසීලන්තයේ දැවන්ත ආරක්ෂාව බිඳ ගොස් දඩුවම් පහර හතරක්ම ලබා ගනිමින් ලකුණු 12 ක් දක්වා ඉදිරියට යද්දී නවසීලන්තයට සිඳුවන්නේ දඩුවම් පහර දෙකකින් නවතින්නයි.12 – 6 ක් ලෙස පළමු අර්ධය අවසන් කරමින් ලෝක සූරතාවය ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටි ස්ප්‍රින්ග්බොක්ස් කණ්ඩායමට දෙවන අර්ධයේදී එල්ලවන දැවන්ත ආක්‍රමණය මැඩලීම හැරි ප්‍රතිආක්‍රමණයකට ඉඩක් ලැබෙන්නේම නැහැ.ඔල්ඩ් බ්ලැක්ස් කණ්ඩායම වෙනුවෙන් බියුඩන් බැරට් ලබා ගන්නා උත්සාහක දිණුම තරගයට එකතු වුණ එකම උත්සාහක දිණුම වුණත් තරගයේ අවසානය සටහන් වන තෙක්ම ස්ප්‍රින්ග්බොක්ස් වෙනත් කිසිඳු ලකුණක් නවසීලන්තයට එකතු වන්නට ඉඩ ලබා දෙන්නේ නැහැ.එහි පලය ලෙස තරගය නිමාවන්නේ ලකුණු 12 – 11 ක් වූ ඓතිහාසික ජයක් දකුණු අප්‍රිකාවට හිමිවෙමින්.

නවසීලන්තයේ ඇස් රතු කළ නායක සෑම්ට ලැබුණු රතු කාඩ් පතෙන් පසුව නරඹනනෙක් පමණක් ලෙස

සියා කොලිසි මේ තරගාවලියේ සූරතාවය දකුණු අප්‍රිකාවට හිමිවීම ගැන දකුණු අප්‍රිකානු ජනතාවට සීමා නොවුණු මතයක් ලෝක රග්බි ප්‍රජාව ඉදිරියේ ඇති කළ නායකයෙක් වුණා. ක්‍රීඩාවට ගරු කරන සහ රටක ක්‍රීඩාවට නායකත්වය දෙන්නට අවැසි ගුණාංග කවරේද යන්න සියලු ක්‍රිඩාවන්ට කියා දුන් පාඩම් පොතක් බවට පත්ව සිටි සියා මේ තරගාවලියේ වඩාත්ම ආදරයට පත් වූ ක්‍රිඩකයා විය හැකියි.

සියා කොලිසි දේශයට ආදරය කරන තරම ජාතික ගීය ගයමින්

මැණ්ඩෙලාගේ දකුණු අප්‍රිකාව මේ වන විට යළිත් සුදු පැල්ලමකින් කළු පැල්ලමකට මාරු වෙමින් අපකීර්තිය දෙසට ගමන් කරමින් සිටින මොහොතක්.ඒ වර්ගවාදය ක්‍රීඩාව ඇතුළේ ද සියුම්ව ස්ථාපිතව තිබුණත් යළිත් නැඟිටින්නට ක්‍රීඩාව හරහාම උත්සාහ කරන්නට ලැබුණු එක්තරා දිරිය පෙළඹුමක් ලෙස මේ මොහොත හැදින්විය හැකියි.සියා නිරතුරුව වැටී සිටින රටක් ගැනත් එහි පුරවැසියන්ට එන්න ඕනෑකම තිබුණත් දකුණු අප්‍රිකාවට එන්නට වත්කමක් නැති බවත් පැවසුවා.ඒ වැටුණු රටේ මිනිස්සු අදාරයෙන් තමන්ට නැඟිටින්නට අත දෙන ලිපි,සටහන්,සුබ පැතුම් එකතු කරන බව ද පවසා සිටියා.ඒ ආදරයට ප්‍රතිචාර ලෙස දුන් වෙබ්එලිස් කුසලානය සමඟ දකුණු අප්‍රිකාව යනු හමක පාටකින් දිනන්නට බැරි එකතු වී දිනිය හැකි රටක් ලෙස නිර්වචනය කර ගැනීමට අවශ්‍යය දේශපාලනික කියවීම එරට පුරවැසියන්ට ලැබිය හැකියි.අවසාන තරගයේ වීරයා වූ පීටර් ස්ටෙප් ඩු ටොයිට් ඒ බවට හොඳම උදාහරණයයි.සියාගේ කළුහමත් පීටර්ගේ සුදුහමත් දෙකම එකතු වූ ජයකින් සංඛේතවත් වන දකුණු අප්‍රිකාවක් මිස එක පාටක හමට දිනන්න පුළුවන්කමක් නැති බව දේශපාලිනකව රටට කියා දෙන්න මැන්ඩෙලා කෙනෙක් අදහස මේ මොහොතේ එරට පැතිරීම අවශ්‍යය වෙනවා.

තරගයේ වීරයා පිටර් ස්ටෙප්

සියා කොලිසි දෙවන වරටත් ලෝක කුසලානයක් සියතට ගත් දෙවන නායකයා ලෙස දකුණු අප්‍රිකාවට නායකත්වය දෙද්දී නවසීලන්තයට ඉතිහාසයේ එම අවස්ථාව උදා කර දී තිබුණේ රිචි මැකොව් ය.නමුත් මෙවර අවසාන තරගයේදී සිය කහ කාඩ් අවවාදය තරගය ඇරඹි පළමු අර්ධයේම රත් පැහැයට හරවා ගන්න නවසීලන්ත නායකයාට පිටියෙන් ඉවතට යන්නට වන්නේ නවසීලන්ත කඳවුර ක්‍රිඩකයින් 14 ට ක්‍රීඩා පිටිය තුළ අඩු කරමින්ය.

මෙහිදී නවසීලන්තය අවසාන මොහොතේ කණ්ඩායමට ඇතුළත් කර ගන්නා හැන්ඩ්‍රේ පොලිර්ඩ් සිය වගකීම අකුරටම ඉටු කරමින් ලබාගත් ලකුණු 12 ම සිය පාදයෙන් නිසි ඉලක්කයේ රඳවන්නට සමත් විය.කළු අප්‍රිකාවක් හෝ සුදු අප්‍රිකාවක් වෙනුවට මුසු අප්‍රිකාවක රස ලෝකයට පෙන් වූ සියා කොලිසිගේ කණ්ඩායමේ ජන්ම භූමිය මේ රස හරියට කියවා ගතහොත් ඒ තරමට සියා පවසන දුප්පත්කම වෙතින් සංවර්ධනය දෙසට යාමට අපොහොසත් නොවනු ඇත.ඒ තරමට වටිනා පොළවක් ඇති දකුණු අප්‍රිකාවේ ද දේශපාලන පැවත්ම වෙනුවෙන් මිනිසුන් විවිධ ලෙස බෙදා වෙන් කරන කල්ලිවාදී බෙදුම්වාදී නායකයන්,ඊට සිය බඩ සමඟ පමණක් වැඩ කරමින් දායක වන මිනිසුන් පූජකයින් ආදී මහා පිළිල අභිබවා ක්‍රිඩාවෙන් ඇත්ත කියවා ගැනීමට දේශපාලනය කරන ඇරයුමක් වැනි වෙබ්වොලීස් කුසලානය අප්‍රිකාවට පාර කියන පහන් තරුවක් වන්නේනම් අපූරුය.

එහෙත් අන්තිම මොහොතේ දකුණු අප්‍රිකාවේ සියලු බලපෑම් මැඩ උත්සාහක දිණුමක් කරා පන්දුව රැඟෙන යන බැරට්ගේ උත්සාහය ප්‍රවර්ථනයකින් නිමා කරන්නට මාක් ටෙලාට හැකි විණිනම් මේ සටහන මිට වඩා වෙනස් වන්නට තිබිණ.ඒ නිසා ක්‍රීඩාව අපූරු වන්නේම අහිමි කර ගන්නා හුස්ම ඉහළ පහළ හෙලන වෙලාව වුව ද,ජය හෝ පරාජය තීරණය කරන්නට ප්‍රමාණවත් බැවිනි.ඒ සියල්ල 2027 වන තෙක් දකුණු අප්‍රිකාවට ලෝක සූරයන් ලෙස වැජඹෙන්නට අවස්ථාව උදා කර දී අවසන්ය.දකුණු අප්‍රිකාවේ පාලනය මේ කීර්තාය කියවා ගැනිමේ පරිමාවේ තරමට මේ ලෝක කුසලානයේ වටිනාකම එරට සමස්ත ජනතාවට දැනෙන අන්දම තීරණය කරනවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි