×

එංගලන්තය අනපේක්ෂිත අභියෝග හමුවේ පසු බෑ සහ ජයගත් දවසක්

මේ මොහොත වන විට ලෝක මට්ටමේ ක්‍රිඩා තරගාවලි දෙකක් පැවත්වෙනවා.ඒ ක්‍රිකට් සහ රගර් වෙනුවෙන්.ඊයේ දවසේදී තරගාවලි දෙකේම එංගලන්තය නියෝජනය වන තරග පැවත් වුණා.එම තරග දෙකේදීම ඔවුන්ට හමු වුණේ ඔවුන් තරම් සුවිශේෂි කණ්ඩායම් නොවේ.එහෙත් ක්‍රිකට් පිටියේදී වගේම ඔවුන් රගර් පිටියේදීත් අනපේක්සිත පීඩනයකට ලක් කරන්නට හම කණ්ඩායම්වලට හැකි වුණා. ක්‍රිකට් පිටියේදී අවසානයේ ඔවුන් ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලකුණු 69 […]


මේ මොහොත වන විට ලෝක මට්ටමේ ක්‍රිඩා තරගාවලි දෙකක් පැවත්වෙනවා.ඒ ක්‍රිකට් සහ රගර් වෙනුවෙන්.ඊයේ දවසේදී තරගාවලි දෙකේම එංගලන්තය නියෝජනය වන තරග පැවත් වුණා.එම තරග දෙකේදීම ඔවුන්ට හමු වුණේ ඔවුන් තරම් සුවිශේෂි කණ්ඩායම් නොවේ.එහෙත් ක්‍රිකට් පිටියේදී වගේම ඔවුන් රගර් පිටියේදීත් අනපේක්සිත පීඩනයකට ලක් කරන්නට හම කණ්ඩායම්වලට හැකි වුණා.

ක්‍රිකට් පිටියේදී අවසානයේ ඔවුන් ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලකුණු 69 න් පරාජයට පත් වුණා.එහෙත් රගර් පිටියේදී ෆිජී කණ්ඩායමට එරෙහිව එම අභියෝගය සමනය කර ගන්නට එංගලන්ත රගර් කණ්ඩායමට හැකි වුණා.පළමු අර්ධයේ ලකුණු 21 – 10 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටියත් දෙවන අර්ධයේ තත්ත්වය වෙනස් වුණා.දෙවන අර්ධයේදී ප්‍රතිවාදී ෆීජි කණ්ඩායම ලකුණු 14 ක් ලබා ගනිද්දී එංගලන්තයට ලබා ගන්නට හැකි වුණේ ලකුණු 7 ක් පමණයි.අවසානයේ ජයග්‍රහණය සනාත කර ගත් එංගලන්තය ඉතාම තියුණු තරගයකින් සත්කාරක ප්‍රංශය ලකුණු 29 – 28 ක් ලෙස පරාජය කළ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔක්තෝම්බර් 22 දා තරග වදින්නට නියමිතයි.එම අවසාන පූර්ව තරගය ජය ගතහොත් එංගලන්තයට ඔක්තෝම්බර් 29 වන දා ආර්ජෙන්ටිනාව සහ නවසීලන්තය අතර තරගයෙන් ජයගන්න කණ්ඩායම සමඟ ලෝක කුසලානය සඳහා වන අවසාන තරගයට තරග වැදිය හැකියි.

එහෙත් ක්‍රික්ටවල තත්ත්වය ගත් විට එංගලන්තය සිටින්නේ දැඩි අවදානම් කළාපයකයි.මේ දක්වා සහභාගි වූ මූලික වටයේ තරග දෙකම පරාජය වී සිටින එංගලන්තය අවසාන කණ්ඩායම් අතරට පිවිසේද යන අවිනිශ්චිත තත්ත්වයකට පත් කර තිබෙනවා.විශේෂයෙන් උප මහ්දවීපික තණතීරුවල දඟ පන්දුව ඉදිරියේ එංගලන්තයේ හැසිරීම යහපත් තත්ත්වයකට පත් නොවුණහොත් ඉදිරියේදී වත්මන් ලෝක සූරතාවයේ හිමිකරුවන් වන එංගලන්තයට ඉදිරි වටය සඳහා පිවිසෙන්නටවත් වරම් නැතිව තරගාවලියෙන් ඉවත්ව යන්නට තියෙන ඉඩ විශාලයි.

ඊයේ තරගයේත් එංගලන්තයේ පිතිකරුවන් අට දෙනෙකුම දැවී ගියේ රශිඩ් ඛාන් (03),මුජිබර් අර් රහමන් (03) සහ මොහොමඩ් නාබි(02) ඉදිරියේදී යි.
ක්‍රිකට් ලකුණු සටහනට

https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/afghanistan-vs-england-13th-match-1384404/full-scorecard
රගර් ලකුණු සටහනට
https://www.rugbyworldcup.com/2023/match/quarter-final-3-winner-pool-d-runner-up-pool-c

සටහන – නිෂ්මං රණසිංහ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි