×

ඉන්දියානු දුම්රියක් රියදුරු නොමැතිව කිලෝමීටර 70 ගමන් කරයි

මේ සම්බන්ධයෙන් ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන බවයි.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කතුවා සිට පන්ජාබ් හි හෝෂියාර්පූර් දිස්ත්‍රික්කය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන වැගන් 53 දුම්රිය රියදුරකු නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් (සැතපුම් 43.4) ගමන් කර ඇති බව වාර්තා වේ.

පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් ගමන් ගත් දුම්රිය නැවතුම්පොළවල් පහක් පමණ පසු කර ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි