×

රුසියාව සහ තුර්කිය ඊසානදිග සිරියාවේ ඒකාබද්ධ මුර සංචාර අරඹයි

.


තුර්කි සහ රුසියානු හමුදා ඊසානදිග සිරියාවේ සිය පළමු ඒකාබද්ධ මුර සංචාර ආරම්භ කළේ දෙරට අතර පසුගියදා ඇති කරගත් ගිවිසුමක් යටතේ කුර්දි සටන්කරුවන්ට සිරියානු දේශ සීමාවේ ඊනියා “ආරක්ෂිත කලාපයෙන් ” ඉවත් වීමට බල කිරීමත් සමගිනි.

තුර්කිය සහ මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් තුර්කිය විසින් “ත්‍රස්තවාදීන්” ලෙස නම් කරන ලද කුර්දි ජනතා ආරක්ෂක ඒකකය හෙවත් (වයිපීජී) ට එරෙහිව ඔක්තෝබර් 9 වන දින දේශසීමා ප්‍රහාරයක් දියත් කරන ලදී එහිදී කිලෝමීටර් 120 ක් දිග (සැතපුම් 75) සහ කිලෝමීටර් 30 ක් දක්වා විහිදුන භූමි තීරයේ පාලනය අල්ලා ගත්හ.

තුර්කි හමුදා සන්නද්ධ වාහන පසුගිය සිකුරාදා රට තුළ මාර්ග හරහා ගමන් ගනිමින් රුසියානු සගයන් හා තමන් එක්වූ බව ප්‍රකාශ කරන අයුරු රොයිටර් පුවත් සේවය විසින් අනාවරණය කර තිබිණ.

එමෙන්ම දෙරට අතර ගුවන් ඒකක සිරියානු දේශ සීමා නගරයක් වන දාර්බසියා ප්‍රදේශයේ මුර සංචාරයේදී එක් වූ බව තුර්කි ආරක්ෂක අමාත්‍යංශය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කලේය.

මේ පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ මිලිටරි වාහන නවයකින් සමන්විත රුසියානු හමුදා පොලිසිය සමඟ කිලෝමීටර් 110 ක ඒකාබද්ධ මුර සංචාරයක් දර්බසියා සිට ආරම්භ වී බටහිර දෙසට දේශ සීමාව හරහා ගමන් කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි