×

රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ වීමට උත්සහයක

රාජ්‍ය තාන්ත්‍රිකයින් කියා සිටින්නේ රුසියාව ආක්‍රමණශීලී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් කුඩා රටවලට ඔවුන්ගේ ඡන්දය වෙනුවෙන් ධාන්‍ය සහ ආයුධ පිරිනමන බවයි.


රුසියාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ වීමට උත්සාහ දරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 2022 අප්‍රේල් මාසයේදී රුසියාව මානව හිමිකම් කවුන්සිලයෙන් අත්හිටුවන ලද අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින් 93 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, 24 දෙනෙකු විපක්ෂව සහ 58 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

රුසියාව මෙවර නැවත තුන් අවුරුදු ධුර කාලයක් සඳහා නැවත කවුන්සිලයට සම්බන්ධ වීමට උත්සහ දරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෙදා හරින ලද රුසියානු ස්ථාවර පත්‍රිකාව පවසන්නේ මානව හිමිකම් ගැටළු සඳහා ප්‍රමාණවත් විසඳුම් ලබා දීමට උත්සහ කරන බවයි. ඒ අනුව ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට නියමිත මීළඟ මැතිවරනයේදී, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල් සඳහා වෙන් කර ඇති කවුන්සිලයේ ආසන දෙක සඳහා රුසියාව ඇල්බේනියාව සහ බල්ගේරියාව සමඟ තරඟ කරනු ඇත.

මෙම ඡන්දය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින් 193 දෙනාම සම්බන්ධ වන අතර එහි සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් කියා සිටින්නේ රුසියාව ආක්‍රමණශීලී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් කුඩා රටවලට ඔවුන්ගේ ඡන්දය වෙනුවෙන් ධාන්‍ය සහ ආයුධ පිරිනමන බවයි.

මානව හිමිකම් කවුන්සිලයට නැවත එක්වීමට රුසියාවේ උත්සාහයට තමන් “දැඩි ලෙස විරුද්ධ” බව එක්සත් රාජධානිය ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති එරික් මෝස් පැවසුවේ රුසියාණු හමුදාව විසින් වධහිංසා පැමිණවීම්, ස්ත්‍රී දූෂණ සහ සිවිල් වැසියන්ට පහරදීම ඇතුළු යුද අපරාධ පිළිබඳ අඛණ්ඩ සාක්ෂි පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ වොච්, මානව හිමිකම් පදනම සහ මානව හිමිකම් සඳහා වන රාවුල් වොලන්බර්ග් මධ්‍යස්ථානය යන ප්‍රචාරක කණ්ඩායම් තුනක් විසින් මේ මාසයේ නිකුත් කළ වාර්තාවකින් රුසියාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය සඳහා නුසුදුසු බව නිගමනය කර ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි