සතුරු රාජ්‍යයන් වන රුසියාව සහ යුක්රේනය අතර සිරකරුවන් හුවමාරුවක් – සාමයට මුල් පියවර
'

වසර පහක් තිස්සේ ගෙන ගිය යුද්ධය අවසන් කිරීමේ අරමුණින් සතුරු රාජ්‍ය්‍යන්ව සිටි රුසියාව සහ යුක්රේනය අතර සිරකරුවන් හුවමාරුවක් අද සිදු විය.
දෙරට විසින්ම අනෙක් රටේ පුද්ගලයින් සිරගත කර සිටි අතර දෙරටම පුද්ගලයින් 35 දෙනා බැගින් ඔවුන්ගේ මවුරටට භාර දෙන ලදී.
මෙසේ හුවමාරු කර ගත් පිරිස අතර යුක්රේනය සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන ඔලෙග් සෙන්ට්සොවුද වෙයි. එමෙන්ම දෙරට විසින්ම අත් අඩංගුවට ගත් නාවිකයින් ද මේ අතර වෙයි.

2014 වසරේ වෙඩි තබා විනාශ කළ පුද්ගලයින් 298 ගමන්ගත් මැලේසියානු ගුවන් සමාගමට අයත් MH17 යානය බිම හෙළීමට චෝදනා ලබාසිටිව රුසියානු බෙදුම්වාදී ගුවන් හමුදුවේ අණදෙන නිළධාරී ව්ලැඩිමියර් ට්සෙමක් ද යුක්රේනය විසින් රුසියාවට භාර දුන් සිර කරුවන් අතර වෙයි. එම ගුවන් යානයේ ගමන් ගත් වැඩි පිරිසක් යුක්‍රේණ ජාතිකයන් විය.

Ukrainian film director Oleg Sentsov was among those released by Russia
ඔහුව නිදහස් නොකරන්නැයි ඉල්ලමින් පසුගියදා යුක්රේනය වැසියන් උද්ඝොෂණ සංවිධානය කර තිබිණි.
යුක්රේනයේ නව ජනපති ව්ලැඩිමියර් සෙලෙන්ස්කි වෙත යුක්රේනය ජනතාව මේ වෙනුවෙන් සිය ප්‍රශංසාව පල කර සිටියේ ඔහු සාමය වෙනුවෙන් තැබූ පියවරට සිය එකගත්වය පලකරමිනි.