×

රුසියානු කාලතුවක්කු, ගුවන් ප්‍රහාර ඩොන්බාස් පාලන රේඛාව ඔස්සේ දිගටම එල්ල වනවා – එක්සත් රාජධානිය

බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි සේවාව අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුළ මෙම ප්‍රහාර දියත් වීම තවමත් සිදුවන බවයි.


රුසියානු කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර තවමත් යුක්රේනයේ ඩොන්බාස් පාලන රේඛාව ඔස්සේ දියත් වන බව එක්සත් රාජධානිය චෝදනා කරයි.

බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි සේවාව අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුළ මෙම ප්‍රහාර දියත් වීම තවමත් සිදුවන බවයි.

මේ අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, රුසියානු හමුදාවන්ගේ ප්‍රධාන අවධානය වන්නේ නැගෙනහිර යුක්රේනයේ ප්‍රහාරක මෙහෙයුම් දිගටම පවත්වා ගෙන යාම බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි