×

රුසියානු රජය ඉල්ලා අස්වෙයි?

රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදුකළ යුතු මූලික සංශෝධන කිහිපයක් ඉලක්ක කරගනිමින් නව අග්‍රාමාත්‍යවරයතු තොරා පත් කර ගැනීමට ව්ලැඩ්මියර් පුටින් විසින් එරට පාර්ලිමේන්තුවට අවස්ථාව ලබා දී තිබේ.


රුසියානු රජය ඉල්ලා අස්වීමට කටයතු කරන බවට තොරතුරු වාර්තා වෙයි.

රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙඩ්විඩෙව් අද (15) සඳහන් කර සිටියේ තමා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වන බවයි.

ඒ තුළින් ජනපති ව්ලැඩ්මියර් පුටින් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අවශ්‍ය සංශෝධන සිදුකිරීමට ඉඩ ලබා දෙන බවට හෙතෙම ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ එරට රාජ්‍ය මාධ්‍යයකට ප්‍රකාශයක් ලබා දෙමිනි.

රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදුකළ යුතු මූලික සංශෝධන කිහිපයක් ඉලක්ක කරගනිමින් නව අග්‍රාමාත්‍යවරයතු තොරා පත් කර ගැනීමට ව්ලැඩ්මියර් පුටින් විසින් එරට පාර්ලිමේන්තුවට අවස්ථාව ලබා දී ඇති බවට වාර්තා වෙයි.

එම අවස්ථාව අනුව රජයේ වෙනත් ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් තෝරා පත්කර ගැනීමේ බලයද පුටින් විසින් ලබා දී තිබේ.

පුටින් ගේ දිගු ධුර කාලය එළඹෙන 2024 වර්ෂයෙන් අවසාන වන බවට සඳහන් වේ.

ඇතැම් පාර්ශවයන් විසින් පුටින් ඉලක්ක කර ගනිමින් නැඟූ චෝදනාවක් වනුයේ ඉතා දිගු ධුරකාලයකට සමුදීමෙන් අනතුරුව ද බලයේ රැඳී සිටීමේ අභිලාෂයකින් ඔහු පසුවන බවයි.

මෙම චෝදනාවට පිළිතුරු එළඹෙන ව්‍යවස්ථා සංශෝධන තුළින් පිළිඹිමු වනු ඇති.

කෙසේ වෙතත් රුසියානුවන්ගේ ප්‍රසාදයට පත් ජන නායකයකු ලෙස පුටින් තවමත් ප්‍රසිද්ධ ය.

මීට ඉහත දී ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයකදී පුටින් අවධාරණය කර තිබුණේ තමා ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන රුසියාවේ දේශපාලන ධාරාව තුළ විශාල වෙනසක් ඇති කිරීමට සමත් වනු ඇති බවය.

වර්ෂ 1999 සිට මේ වන තුරු රුසියාවේ අග්‍රාමාත්‍ය හෝ ජනාධිපති ලෙස පුටින් බලය හොබවයි.

2024 වර්ෂයේදී අවසාන වන්නේ ඔහුගේ සිව්වන ධුරකාලයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි