×

රුසියානු ජාතික LGBT ක්‍රියාකාරිනියක වූ යෙලේනා ග්‍රිගොර්යේවා ඝාතනය කෙරේ

....


ලෝකය පුරා සමරිසි සහ සංක්‍රාන්තී ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කළ රුසියානු ජාතික යෙලේනා ග්‍රිගෝර්යේවා ශාන්ත පීටස්බර්ග් නගරයේදී තුවාල සහිතව ඝාතනය කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.

41 හැවිරිදි වියේ පසුවූ ඇය සිය ජීවිතයට තර්ජන පවතින කිහිප විටක්ම සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධ සැකකර්වන් හදුනා ගැනීමට රුසියානු පොලීසිය තවමත් අසමත් වී ඇති අතර ඇයව මරා දමා ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි යන්න පිළිබදවද පොලීසිය අවධානය යොමු කරමින් සිටී,
මීට ඉහතදීද පසුගිය ජනවාරි මාසයේදී රුසියානු ප්‍රතිවාදී ක්‍රියාකාරී 53 හැවිරිදි කොන්ස්ටන්ටයින් සිනිට්සින්වද මෙලෙසින්ම ඝාතනය කර තිබිණි.

ෙපසුගිය අගෝස්තුවේදී රුසියානු LGBT ක්‍රියාකාරීන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ 2013 වසරේදී රුසියාව විසින් හදුන්වා දුන් සමරිසි ප්‍රචාරක කටයුතු සිදු කරන්නන්ට එරෙහිව හදුන්වා දුන් නීථි ප්‍රකාරවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි