×

රුසියාව ඉතිහාසයේ බරපතලම අවදානමට මුහුණ දෙමින් …

යුක්‍රේනයත් එක්ක යුද්ධයක පැටලිලා ඉන්න රුසියාව ඇතුලේ දැන් වෙමින් තියෙන්නේ මොකද්ද?සමස්ථ ලෝකයම දැන් බලා ඉන්නේ රුසියාව දිහා.මේ මොහොත වෙනකොටත් රුසියාව ඇතුලේ අභයන්තර කැරැල්ලක් ක්‍රියාත්මක වෙනවා.දකුණු දිග රුසියාවේ වීදිවල දරුණු සටන් ඇවිලෙනවා. මේ කැරැල්ල මෙහෙයවන්නේ PMC වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානී යෙයුජිනි ප්‍රිගෝෂින් (Evgeny Prigozhin).කැරැල්ල මෙහෙයවන්නේ රුසියානු හමුදාවට එරෙහිව. වැග්නර් කුලී හමුදාව කියන්නේ දැනට මාසයකට උඩදී නැගෙනහිර […]


යුක්‍රේනයත් එක්ක යුද්ධයක පැටලිලා ඉන්න රුසියාව ඇතුලේ දැන් වෙමින් තියෙන්නේ මොකද්ද?සමස්ථ ලෝකයම දැන් බලා ඉන්නේ රුසියාව දිහා.මේ මොහොත වෙනකොටත් රුසියාව ඇතුලේ අභයන්තර කැරැල්ලක් ක්‍රියාත්මක වෙනවා.දකුණු දිග රුසියාවේ වීදිවල දරුණු සටන් ඇවිලෙනවා. මේ කැරැල්ල මෙහෙයවන්නේ PMC වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානී යෙයුජිනි ප්‍රිගෝෂින් (Evgeny Prigozhin).කැරැල්ල මෙහෙයවන්නේ රුසියානු හමුදාවට එරෙහිව. වැග්නර් කුලී හමුදාව කියන්නේ දැනට මාසයකට උඩදී නැගෙනහිර යුක්‍රේනයේ බක්මුඩ් ඉදිරි ආරක්ෂක වලල්ලේ රුසියාව වෙනුවෙන් සටන් කරපු බට කණ්ඩායමක්.එයලට බටයන් 50000 කට වැඩිය ඉන්නවා.

බක්මුඩ් නගරය යටත් කරගන්න වැග්නර් කුලී හමුදාව ලොකු වැඩ කොටසක් කළා.වැග්නර් බටයන් දහස් ගානක් මැරුණා.කොහොම උනත් දැනට මාසයකට උඩදී බක්මුඩ් ඉදිරි ආරක්ෂක වලල්ලෙන් වැගනර් හමුදා අයින් වුනා. ඇත්තටම රුසියානු හමුදා සහ වැග්නර් කුලී හමුදා අතර යුද්ධය ආරම්භ වෙලා ටික දවසකින් මතහේද පටන් ගත්තා.වැග්නර් ප්‍රධානියා දිගටම රුසියානු හමුදා ප්‍රධානීන්ට චෝදනා කළේ අවශ්‍ය ප්‍රමාණයට ආයුධ වැග්නර් කණ්ඩායම්වලට දෙන්නේ නෑ කියලා.රුසියානු හමුදා ඒ චෝදනාව දිගටම ප්‍රතික්ෂේප කළා. විශේෂයෙන්ම වැග්නර් ප්‍රධානියාගේ ඉලක්කය වෙලා තිබුණේ රුසියානු ආරක්ෂක ඇමති සර්ජි සොයිකෝ සහ හමුදා ප්‍රධානින්.කොහොම උනත් දැන් ඒක ජනාධිපති පුටින් දක්වාම ඇවිත්.

වැග්නර් ප්‍රධානියාගේ මේ චලනයත් එක්ක සියලු කුලී හමුදා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙන්න ඕනි කියන තිරණය රුසියාව පැත්තෙන් ගත්තා.හැබැයි ඒ යෝජනාවට වැග්නර් ප්‍රධානියා එකඟ වුනේ නෑ.චෙච්නියානු හමුදාවේ ප්‍රධානී රම්සාන් කදිරෝ තමන්ගේ හමුදාව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කරද්දී යෙයුඡිනි ප්‍රිගෝෂින් ඒක කළේ නෑ.යෙයුජීනි කිව්වේ වැග්නර් හමුදා අරගෙන අප්‍රිකානු කලාපයට යනවා කියලා. ඇත්තටම වැග්නර් හමුදා කියන්නේ යුද්දේ දක්ෂයෝ.ඒ වගේ යෙයුජිනි ප්‍රිගෝෂින් කියන්නේ වැඩිපුර කියවන කෙනෙක් සහ දැඩි මතධාරියෙක්.යුක්‍රේන යුද්ධය ආරම්භයේදීම න්‍යෂ්ටික අවි පාවිව්චි කරන්න ඕනි කියන මතයේ තමයි යෙයුජිනි හිටියේ.2024 රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නත් හීන දකින කෙනෙක්.යුද්ධයේ දක්ෂයෙක්. යෙයුජිනී ප්‍රිගොෂින් සිමාව ඉක්මවලා කටයුතු කරපු තැන් ගොඩක් තියනවා.

සමහරවිට ඔයාලටත් ඒවා ටච් වෙන්න ඇති.රුසියාව බක්මුඩ් අල්ල ගන්න ඉස්සෙල්ලා බක්මුඩ් අල්ලගත්තා කියමින් අවස්ථා කීපයකදීම වැග්නර් ප්‍රධානියා ව්‍යාජ විඩියෝ පට කීපයක් නිකුත් කළා.ඒ වගේම සමහර විඩියෝවලට යෙයුජීනී කතා කළේ දැඩි විදිහට මත්පැන් පානය කරලා.කොහොම උනත් දැන් ඇතිවෙලා තියන තත්වය රුසියාව පැත්තෙන් හිතද්දී බරපතල තත්වයක්.රුසියානු හමුදා වැග්නර් කදවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කලා කියලා තමයි යෙයුජිනි කැරැල්ල පටන් අරන් තියෙන්නේ.ඇත්තටම මහා පරිමාණ යුද්ධයකට පැටලිලා ඉන්න රුසියාව මේ වෙලාවේ අභයන්තර යුද්ධයකට පැටලෙයි කියලා හිතන්න බෑ. එක්කෝ යෙයුජිනි කියන්නේ බොරුවක්.නැත්තං ඒක එයාලගේම වැඩක්.මිසයිල ප්‍රහාරයක් එල්ල වෙලා නං ඒක ගොඩක් දුරට රුසියානු හමුදා නොවන පාර්ශවයකින් එල්ල උනු එකක් වෙන්න පුළුවන්.

යුක්‍රේනය ඇතුලේ නේටෝ එකත් එක්ක අඛණ්ඩ යුද්ධයකට පැටලිලා ඉන්න රුසියාවට මේක බරපතල අවාසිදායක තත්වයක්.යුක්‍රේන හමුදා පෙරමුණු 09 කින් මහා පරිමාණ ප්‍රති ප්‍රහාර ආරම්භ කරලා තියන වෙලාවක් මේක.ඊළගට යුක්‍රේන මහා පරිමාණ ප්‍රති ප්‍රහාරයට රුසියානු හමුදා සාර්ථකව මුහුණ දෙමින් සාර්ථක ආරම්භයක් ගත්ත වෙලාවක් මේක.ඒ වගේ වෙලාවක රුසියාව අභ්‍යන්තරයේ කැරැල්ලක් ඇතිවිම රුසියාවට මාරාන්තිකයි.ජනාධිපති පුටින් ජාතිය අමතලා කිව්වොත් ඒක.පුටින් කියන්නේ මේක කුමන්ත්‍රණයක් සහ පාවාදීමක් කියලා.ආයෙත් රුසියාව ඉතිහාසයේ බරපතලම අවධානමකට මුහුණ දෙනවා කියලා.දැනටමත් වැග්නර් හමුදා යුක්‍රේන මායිමේ තියෙන රුසියානු නගර දෙකක පාලනය තමන් අතට අරන්.මොස්කව්වලටත් ගහන බවට තර්ජනය කරනවා.ඒ වගේම යුක්‍රේන මායිමේ තියන බෙල්ගොරේඩ් නගරයටත් දිගින් දිගටම යුක්‍රේන සහය ලබන පුටින් විරෝධී කණ්ඩායම්වල ප්‍රහාර එල්ල වෙනවා.

දැන් ඩොනෙක්ස්,ඩොන්බාස්, බක්මූඩ් සහ ශැපෝෂියා යුධ පෙරමුණවලට අමතරව තවත් යුධ පෙරමුණු නිර්මාණය කරන්න රුසියාවට සිද්ධ වෙනවා.එක සැරේ රුසියාවට භාහිර සහ අභයන්තර හතුරන් එක්ක සටන් දෙකක් කරන්න වෙලා.ඇත්තටම මෙතනදී වඩාත් භයානක රුසියාවේ ඉන්න අභයන්තර සතුරායි.මොකද ඒකෙන් හැම වෙලේම රුසියානු රාජ්‍ය දුර්වල වෙනවා.ඒ දුර්වල වෙන හැම අවස්ථාවකම රුසියාව භාහිර හතුරාට නිරාවරණය වෙනවා.මේ අස්ථාවරත්වය පාවිචිචි කරගෙන යුක්‍රේනය රුසියාව අභයන්තරට එල්ල කරන ප්‍රහාර ගනන අනිවාර්යයෙන්ම වැඩි කරනවා.ඒවා රුසියාවේ අභයන්තරය ව්‍යාකූල කරන උපායමාර්ගික ප්‍රහාර වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි.මේකෙන් වෙන ඊළඟදේ තමයි යුක්‍රේන භූමියේ සටන් කරන රුසියානු සෙබළුන්ගේ චිත්ත ධෛර්යය පිරිහෙන එක.

ඒක නිසා පුටින්ට මේ කැරැල්ල දින කීපයක් ඇතුලත පරාජය කරන්න බැරි උනොත් රුසියාව ගත්ත සියලු ජයග්‍රහණ ආපිට හැරෙන්න පුළුවන්.මොකද මේක පුටින් විරෝධී තැනකට තල්ලු කරන්න දැනටමත් රුසියාව ඇතුලේ ක්‍රියාත්මක බටහිර ඔත්තු සේවා උපරිම උත්සාහයක් දරනවා ඇති.දැනටමත් මේ කැරැල්ල ඇතුලේ රුසියන් හමුදාවට සැලකිය යුතු හානියක් වෙලා තියනවා.හමුදා කදවුරු කීපයක්ම වැග්නර් පාලනයට නතු වෙලා. ගුවන් හමුදා කදවුරුත් ඒ අතර තියන නිසා වැග්නර්ලට දැන් ගුවන් බලයකුත් තියනවා.ඇත්තටම රටේ රාළ කියන්නේ මේක රුසියාව අභයන්තරයේ යන සැලසුම් සහගත කුමන්ත්‍රණයක් වෙන්න ඕනි.සමහරවිට වැග්නර් ප්‍රධානියා යුධ පෙරමුණේ ආයුධ හිගයක් මවා පාමින් තමන්ගේ ඉලක්කයට ඕනි ආයුධ එකතු කළා වෙන්නත් පුළුවන්.එහෙමත් නැත්තං රුසියානු බලධාරීන්ගේ පැත්තෙන් වැග්නර්ලට හිතාමතා කුඩම්මාගේ සැලකිලි දක්වමින් පුටින්ට තිබුණ ශක්තිමත් arm එකක් අයින් කළා වෙන්නත් පුළුවන්.

කොහොම උනත් මෙතනදී වැඩිම වගකීම තියෙන්නේ රුසියානු ජනතාවටයි.මේ වෙලාවේ රුසියානු ජනතාව රුසියන් රජයත් එක්ක ඉන්න ඕනි.කිසිම හේතුවකට රුසියානු රාජ්‍යය දුර්වල කරන්න හොඳ වෙලාවක් නෙවෙයි මේක. රුසියානු රාජ්‍යය දුර්වල උනොත් ඒක ආයෙත් හදන්න බැරි පාඩුවක්. රුසියාව දුර්වල උනොත් අනිවාර්යයෙන්ම රුසියාව කැබලි වෙන එක නවත්තන්න බෑ.ඒක සමස්ථ ලෝකයටම පාඩුවක්.ඊළගට මේ ගැන ඔයාලටත් වැඩිපුර එන්නේ බටහිර පැත්තෙන් එන තොරතුරු. රුසියාව වැට්ටවීමේ බටහිර මාධ්‍ය වැඩකුත් වෙනමම යනවා. කොහොම උනත් රුසියාවේ වෙන ඇත්ත තත්වය ඔයාලට කියන්න අපට පුළුවන්.රටේ රාළ බළකායේ සමීප හිතවතුන් රුසියාවේ ඉන්නවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ

RN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි