×

කාන්තාවන්ට අකැප සබ්රිමාලාවට ආලෝකය රැගෙන එන කාන්තාවෝ

ගැහැණුන්ට දෙවියන් අකැපද? සබ්රිමාලාවේ පූජකයන් සිතුවේනම් එසේය. ගැහැ‍ණුන්ට දෙවියන් අකැප බවය.


සබ්රිමාලා යනු දක්ෂිණ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි හින්දු පූජනීය ස්ථානයකි. සබ්රිමාලාව ගැන මෑත කාලයේ ලෝකය කථා කරන්නට පටන් ගත්තේ ගැහැණුන්ගේ ආගමික නිදහසට බාධා කරමින් සිටින ආගමික ස්ථානයක් ලෙස හඳුන්වා දෙමිනි.

‘‘අපි දෙවියන් ළඟට යා යුතුයි. දෙවියන් ළඟට යන්නට වැඩියෙන්ම හේතු යෙදෙන්නේ කාන්තාවන්ටයි“ ඔවුහු කීහ.

එසේ වුවත් දෙවියන් දැකීමට ඔවුන්ට ඉඩ නොලැබීම ගැන කේරළයේ කාන්තාවන්ට තව දුරටත් ඉවසා සිටිය නොහැකි විය.

ඔවුන් විරුද්ධ විය .. ඒ විරුද්ධත්වය මින් පෙර එරට අධිකරණය දක්වා ගෙන ගිය අතර අධිකරණය විසින් කාන්තාවන්ට එහි යෑමට නීතියෙන් අවසර ලැබිණ.

නමුත් තවදුරටත් නීතියට ආගමට ඉහළින් සිටින්නට නොහැකි වූයේ දේශපාලනය සහ සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාසයන් විසින් නීතිය යටපත් කරන්නට මූලිකත්වය ගත් බැවිනි. නැවතත් සබ්රිමාලාව කාන්තාවන්ට තහනම් විය.

තමන්ට වන මෙම අසාධාරණය තව දුරටත් ඉවසන්නට කේරළයේ කාන්තාවට නොහැකි විය. නීතිය වසා සිටි දේශපාලනයද මිත්‍යාවි‍ශ්වාසයද යටපත් කරමින් ඔවුන් නැගී සිටියේ තවදුරටත් අසාධාරණය ද පීඩාවද නෙතකා ඉදිරියට යෑමේ අවශ්‍යතාව ඔවුන් තුළ කාලයක් තිස්සේ ගොඩ නැගෙමින් තිබීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඔවුන් මුලින්ම කළේ ගැහැණුන්ගේ පවුරක් සබ්රිමාලාවට විරුද්ධව ගොඩ නැගීමය. ඔවුන් කිලෝමීටර් 620ක් දුරට විහිදෙන මිනිස් දම්වැලක් ගොඩනගා ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම වෙනුවෙන් වගකිව යුත්තන්ට බල කර සිටියහ. මෙම කාන්තා පවුර ගොඩ නැගීමට කේරළ වාමාංශික පක්ෂ ඒකාබද්ධ සංවිධානය සිය සහයෝගය ලබා දුන්නේය.
කේරළය යනු අද වන විට ඉන්දියාවේ අනික් පළාත් වලින් වෙනස් වන්නේ දේශපාලනික සහ අනෙකුත් සාමාජීය සාධක පසුබිම් යන සියල්ලන් තුළින්ම සාම්ප්‍රදායික සුපුරුදු මාවතෙන් පිට ගමන් කරන ප්‍රාන්ථයකි. එයට හේතු කිහිපයකි

ඒවා නම් විශේෂයෙන්ම කේරළයේ දේශපාලනික පසුබිම සාම්ප්‍රදායික ඉන්දීය පක්ෂ දේ පාලනයට වෙනස් කොමියුනිස්ට් සහ ප්‍රගතිශීලී ප්‍රවණතාවක් වෙත යොමුව තිබීම, කේරළය ඉන්දියාව තු‍ළ වෙළඳ සහ ආර්ථික කටයුතු අතින් වර්ධනයක් පෙන්වීම, අති විශාල කේරළ වාසීන් සංඛ්‍යාවක් විදෙස් රටවල සේවය කිරීම සහ ඒමඟින් කේරළයේ ආර්ථක කටයුතු සහ ආකල්ප වර්ධනයට සිදුව ඇති බලපෑම , අධ්‍යාපන ක්‍රමය, හින්දු සම්ප්‍රදාය අභිබවා ගිය ආගමික විවිධත්වය යනාදීයයි.

කෙසේ වෙතත් සබ්රිමාලා අර්බුදය මේ වන විට කාන්තා අයිතීන් වෙනුවෙන් කාන්තාවන් පෙළ ගැස්වීමට අයශ්‍ය පසුබිම තනා ඇත. ඉදිරියේදී මෙම කාන්තා පවුර මිලියන 5ක් පමණ කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් සමස්ථ ඉන්දියාවම පුරා ගොඩ නගන්නට අපේක්ෂා කරනු ලබයි.

කේරළය තුළ සබ්රිමාලාවේ අර්බුදය හුදු ආගමික ගැටළුවක් හෝ කාන්තා අයිතීන් සම්බන්ධ ගැටළුවක් පමණක් නොවන්නේය. එය විශාල දේශපාලනික අර්බුදයක්ද වී ඇත. හින්දු ජාතිකත්ව පක්ෂය වන එරට ප්‍රධාන පෙළේ දේශ පාලන පක්ෂය භාරතීය ජනතා පක්ෂය හෙවත් බීජේපී පක්ෂය පවසන්නේ කේරළයේ පාලක පක්ෂය විසින් හින්දු සම්ප්‍රධායන්ට එරෙහිව කාන්තාවන් මෙහෙයවීමක් සිදු කරන බවයි.

හින්දු දහම තුළ ආර්ථවය සිදු වූ කාන්තාව අපිරිසිදු අයෙක් ලෙස සළකයි. එබැවින් බොහෝ අවස්ථාවල ඔවුන්ට ආගමික ස්ථාන වලට ඇතුල් වීම තහනම් වෙයි.

එපමණක්ද නොව පූජනීය ස්ථානය විසින් පනවා ඇති මෙම තහනමට විරුද්ධව කාන්තාවන් පවසන්නේ ආර්ථවය හේතුවක් වීම හැරුණ විට මෙම පූජනීය ස්ථානයේ අධිපති අය්යප්පා නමින් දේවත්වයෙහි ලා සළකන චරිතය මෙම ස්ථානයට කාන්තාවන් නො ආ යුතුය යන්න පුරාණොක්තීන් වල පවතින බවට මතයක් පැවතීමද හේතු වී ඇත.

කාන්තා විරොධය තවත් උග්‍රවූයේ ඊයේ දිනයේ තවත් කාන්තාවන් දෙදෙනෙක් බලහත්කාරයෙන් සබ්රිමාලාවට ඇතුලු වීමත් සමගිනි. වයස අවුරුදු 40ක් සහ 39ක් වන මෙම කාන්තාවන් දෙදෙනා සියළු බැමි බිඳ මෙසේ සබ්රිමාලාවට ඇතුල්වීම ඓතිහාසික වන බව කොරළයේ ප්‍රධාන අමාත්‍ය පිනාරායි විඩයන් පැවසීය.

මෙසේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුල් වීම සබ්රිමාලා නිළධාරීන්ට හා පූජකයන්ට මෙන්ම ඔවුන් මෙතෙක් පවත්වාගෙන ආ සාම්ප්‍රදායන්ටද මරුපහරක් වූ අතර තම පූජා භූමිය කාන්තාවන් විසින් අපවිත්‍ර කළා බවට ඔවුන් විසින් චෝදනා කර සිටියහ. එපමණක් නොව පැය කිහිපයකට එම ස්ථානය වසා දැමූ ඔවුන් එය පිරිසි කිරීමට පරිශෝධන වතාවත් සිදු කළහ.

කාලයක් තිස්සේ තමන්ව දෙවියන්ගෙන් ඈත් කර තැබූ මිත්‍යා දෘෂ්ටිකයන්ට එරෙහිව නිර්භීතව සබ්රිමාලාවට ඇතුල් වූ කාන්තාවන් දෙදෙනාද සමස්ථ ඉන්දියා වටා කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පවුරු බැඳීමේ අරමුණින් අඩිතාලම් දැබූ කේරළයේ අනෙක් කාන්තාවන්ද විසින් දැමූ අඩි තාලම විශේෂයෙන්ම තුන්වන ලෝකයේ විවිධ හේතූන් නිසා පීඩනයට පත්ව සිටින කාන්තාවට නිසැක ආදර්ශයක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි