×

Samsung Galaxy S10 පෙර නොවූ විරූ පෙරළිය

ජංගම දුර කථනයක් මගින් අත් නොදුටු ගුණාංගයන්


5G තාක්ෂණයත් , හැකිළීමේ සහ දිගැහැරීමේ හැකියාවත්, තවත් දුරකථනයක් සමග එක මත එක තැබීමෙන් විද්‍යුතය ආරෝපණය කිරීමේ හැකියාවත් ආදී විශේෂාංග රැසකි සමග හදුන්වා දී ඇති නවතම සැම්සන්ග් ගැලැක්සි S10 (Galaxy S10 smartphones)ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංග මාලාව පසුගිය බදාදා වෙළද පළට හදුන්වා දෙන ලදී.

මෙම නව හදුන්වාදීම සමාගම විසින් සිදු කරන්නේ මින් පෙර හදුන්වා දුන් Galaxy S8 වඩා ඉන් පසු හදුන් වා දුන් Galaxy S8 වැඩි වෙනසක් නොතිබීම හේතුවෙන් සැම්සන්ග් වෙළද පල වර්ධනය තරමක් දුරය අඩු වෙමින් පවතින අවස්ථාවකය.

කෙසේ වුවත් galaxy S10 smartphones හී අප මින් පෙර ජංගම දුර කථනයක් මගින් අත් නොදුටු ගුණාංගයන් රැසක් අන්තර් ගත කොට ඇත.

alaxy S10 මොඩලය යටතේ හදුන්වා දෙන Galaxy Fold මෙතෙක් තිබූ සාමාන්‍ය ජංගම දුර කථන තිරයේ ප්‍රමාණය අගල් 7.3ක ටැබ්ලට් පරිගණකයක ප්‍රමාණයකින් යුක්තවේ. හකුලුවාලිය හැකි පරිදි මෙහි තිරය නිර්මාණය කර ඇති අතර අවශ්‍ය විටදී එය දිග හැර භාවිත කළ හැකි වේ. ”අප ඔබේ ජීවිතයටත් දුරකථනයටත් නව මානයන් නිමවමින් සිටිමු.” සිය නව නිෂ්පාදනය පිළිබද සැම්සන්ග් සමාගම පවසන්නේ එලෙසිනි.


Galaxy Fold

කළු, සිල්වර් සහ නිල් වර්ණවලින් යුක්තය. එකම අවස්ථාවක ඇප්ස් ත්‍රිත්වයක් භාවිතා කිරීමට අවස්ථාව ලබා දී ඇති මෙම දුරකථනය මගින් එකම අවස්ථාවක Netflix හී වීඩියෝවක් නරඹමින්,යමක් Google හී සොයා බලන්නටත් කෙටි පණිවිඩයකට පිළිතුරු දෙන්නටත් හැකිය. මී ළග අප්‍රේල් මාසයේ වෙළද පළට මුදා හරිනු ඇති මෙම Galaxy Fold හී මිල ඇමරිකානු ඩොලර් 1,980 වනු ඇත.

The Galaxy S10 lineup

මේ යටතේ ප්‍රමාණයන් කිහිපයකම ජංගම දුරකථන හදුන්වා දී ඇති අතර අගල් 5.8- S10e (ඇ.ඩො749)
අගල් 6.1 Galaxy S10 (ඇ.ඩො 899)
අගල් 6.4 S10+ (ඇ.ඩො 999);
6.4-inch S10 5G (තවමත් මිල නියම කර නැත). ආදී ලෙසයි.

ඉතා මෘදු මෙන්ම වක්‍රාකාර මතු පිටකින් යුතු මෙම උපාංග HD+ AMOLED තිරයන් සහිතය. නෙත් වෙහෙසට පත් නොවන ලෙස නිර්මාණය කර ඇති තිරයන් සහිත මෙම දුරකථනය “ultrasonic fingerprint reader” කින් සමන්විතය.

දුරකථන ක්‍රීඩා සදහා සුදුසු ත්‍රිමාණ ගැඹුරකින්ද මෙම උපාංගයන් යුක්ත වේ. ඉතා විශේෂිත ලක්ෂණයන්ගෙන් යුත් මේ සියලු උපාංගයන්ගේ ධාරිතාව 128GB යුක්ත වන්නේය.
මෙම වසරේ අග භාගයේ හදුන්වා දුන් S10 5G මාදිලියේ දුරකථනද මෙවර සැම්සන්ග් හදුන්වා දුන් උපාංග ජාලයේ ඇතුලත්ය. ඇප්ල් ආයතනය විසින් 2020 වන තෙක් 5G තාක්ෂණය හදුන්වා නොදෙනු ඇති අතර එතෙක් සැම්සන්ග් විසින් ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, චීනය ඇතුළු රටවල පාරිභොගිකයන් වෙනුවෙන් නිපදවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි