×

ඉරාන තෙල් නැව සහමුලින්ම ගිනිබත්

නාවිකයන් 32 ම බිලි


දැනට දින 8කට පෙර කාගෝ නැවක ගැටීමෙන් පසු ගිනිගත් ඉරාන තෙල් නැව මේ වන විට සම්පූර්ණයෙන්ම ගිනිබත් වී ගිලී යමින් තිබේ. චීන මුහුදට නුදුරින් සිදුවූ මෙම අනතුරින් පසු දැවැන්ත ගළවාගැනීමේ මෙහෙයුමක් දියත් කළ ද මේ දක්වා සොයාගැනීමට හැකි වී තිබෙන්නේ මළ සිරුරු 3 ක් පමණි. ගිනිබත් නැව ගිලී යන්නට පෙර සිටම ටෙහෙරාන් බලධාරීන් කියා තිබුණේ නාවිකයන් තිස් දෙනාගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගත යුතුව ඇති බවයි. මේ අතර ඊයේ දිනයේ චීන ගළවාගැනීමේ සේවකයන් නෞකාවේ කළු පෙට්ටිය සොයාගැනීමට සමත් වී ඇත.

මෙම නාවිකයන් 32 අතරින් 30 ක්ම ඉරාන ජාතිකයන් වු අතර, දෙදෙනෙක් බංග්ලාදේශ ජාතිකයන් ය. ඉරාන තෙල් නැවේ නම ‘සාංචි“ වූ අතර, සාංචි චීන මුහුදේ දී ගැටුණේ හොංකොං කාගේ යාත්‍රාවක් සමග ය. මෙම කාගෝ යාත්‍රාවට කිසිදු හානියක් සිදු නොවීමද විශේෂත්වයකි. ගැටීමත් සමග සාංචි, එසැණින් ගිනි ගන්නට පටන් ගත් අතර චීන වාර්තා සඳහන් කරන්නේ මීටර 800-1000 අතර උසකට ගිනි දැල් නැගුණු බවයි. පිපිරීම සහ වායු කාන්දුව හේතුවෙන් අනතුරෙන් පළමු පැය ඇතුළතදී සියලු නාවිකයන් මරණයට පත් වන්නට ඇතැයි ෂිංහුවා ඒජන්සි පුවත් වාර්තා සඳහන් කරයි.

සාංචි‘ නිසා චීන මුහුදේ බරපතළ පාරිසරික ඛේදවාචකයක් – චීනය

මේ අතර බොර තෙල් මෙට්‍රික් ටොන් 136,000 ක් සමග ඉරානයේ සිට පැමිණ තිබූ මෙම නෞකාව මෙසේ ගිනිබත් වී ගිලී යාම හේතුවෙන් දැවැන්ත පාරිසරික විපතක් සිදු වේ යැයි චීන බලධාරියෝ කණස්සල්ල පළ කරති. මේ වන විට මෙම සාගර තීරයේ අති දැවැන්ත තෙල් තට්ටුවක් දැකගන්නට පුළුවන. නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බොර තෙල්, ඝනත්වයෙන් අඩු සැහැල්ලු බොර තෙල් වූ නිසා එම තෙල් අංශු සාගර ජලතලය මතුපිටට රොක්වෙමින් තිබෙන්නේ පරිසර පද්ධතියට දරාගත නොහැකි හානියක් සිදුකරමින් බව ද චීන බලධාරීහු ප්‍රකාශ කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි