×

සංජේ දත්ට පෙනහළු පිළිකාවක්

සුපිරි බොලිවුඩ් නළු සංජේ දත් තුන්වන අදියරේ පෙනහළු පිළිකාවකින් පෙළෙන බවයි එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටිනවා.


සුපිරි බොලිවුඩ් නළු සංජේ දත් තුන්වන අදියරේ පෙනහළු පිළිකාවකින් පෙළෙන බවයි එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටිනවා.
පපුවේ ඇතිවූ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවයන් නිසා සංජේ දත් මුම්බායි හි ලීලාවතී රෝහලට ඇතුලත් කර තිබු අතර එහි සිදුකළ පරීක්ෂණ වලදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත. පසුව ඔහුට තුන්වන අදියරේ පෙනහළු පිළිකාවක් ගොදුරු වී ඇති බවට හෙළිවී ඇත්තේ.
සිය රසිකයින්ට අනවශ්‍ය ලෙස කලබල නොවී සිටින ලෙසත් තමන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කෙටි කාලයක් වැඩකටයුතු වලින් ඈත්වී සිටීමට සිදුවන බව සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් සිය රසිකයින් දැනුවත් කරමින් සංජේ දත් කියා සිටිනවා.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි