×

සෞදි අරාබියේ ඇමරිකානු තානාපති ධූරයට ප්‍රථම වරට කාන්තාවක්.

ජමාල් ඛෂෝගී ඝාතනය කිරීම සම්බන්ධව නව තානාපතිවරිය වන රීමා බින්ට් බන්ඩාර්ට ඇමරිකාවේදී මුහුණ පාන්නට වන තත්ත්වය බරපතල වනු ඇති.


සෞදි අරාබිය ප්‍රථම වරට කාන්තාවක් සිය රට නියෝජනය කිරීම සදහා ඇමරිකානු තානාපති ධූරයට පත් කර ඇත.
මෙම නව තානිපතිවරිය සෞදි අරාබියේ රජ කුමරියක් වන රීමා බින්ට් බන්ඩාර්ය. මාධ්‍යවේදී ජමාල් ඛෂේගී ඝාතනය සම්බන්ධව ඇමරිකාව විසින් සෞදි අරාබියට චෝදනා කරමින් සිටින මෙහෝතක මෙසේ කාන්තාවක් සිය රට නියෝජනය කිරීම සදහා ඇමරිකානු තානාපතිවරිය ලෙස නම් කිරීම ගන ජාත්‍යන්තරයේ කථා බහක් ඇති වෙමින් තිබී.

මින් පෙර සෞදි අරාබියේ ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළේ සෞදි අරාබි යේ ඔටුන්න හිමි කුමරුගේ බාල සොහොයුරාය. නව පත්වීමෙන් පසු ඔහුව සෞදි අරාබියේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කරනු ලැබීය.

ජමාල් ඛෂෝගී ඝාතනය කිරීම සම්බන්ධව නව තානාපතිවරිය වන රීමා බින්ට් බන්ඩාර්ට ඇමරිකාවේදී මුහුණ පාන්නට වන තත්ත්වය බරපතල වනු ඇති. ඇය මින් පෙර ඉතා දීර්ඝකාලයක් සෞදි අරාබිය නියෝජනය කරමින් ඇමරිකාවේ තානාපතිවරයෙකු ගේ දියණිය වන අතර ඇය සෞදි අරාබිය තුළ  විශේෂයෙන්ම කාන්තාවන් සදහා ක්‍රීඩා අයිතිවාසිකම් ලබා දීම වෙනුවෙන් කටුයුත් කළ කාන්තාවක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි