×

තෙල් කප්පාදුව මසකින් දීර්ඝ කරන්නැයි බයිඩන් ඉල්ලයි

දශක කිහිපයකින් එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇති වූ බරපතලම විරසකය මෙය විය හැක.


පසුගියදා වියානාහි එක් රැස් වූ ඔපෙක් රටවල් 13ක් හා මොස්කව් ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් 10 ක් එක්ව නොවැම්බර් මාසයේ සිට දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන දෙකකින් අඩු කිරීමට හා බොරතෙල් මිල ඉහළ නැංවීමට තීරණය කළ බව නිවේදනය කර තිබේ.

මෙම තත්වය නොවැම්බර් 8 මැතිවරණයක් පැවැත්වීමට අපේක්ෂිත ඇමරිකාවට බලවත් ගැටලුවක් බවට පත්ව ඇත. මේ අනුව එක්සත් ජනපදය විසින් සවුදි අරාබියෙන් ඉල්ලා ඇත්තේ තෙල් කප්පාදුව මසකින් දීර්ඝ කරන ලෙසයි. ඔවුන් මෙහිදී සඳහන් කර ඇත්තේ ඡන්ද විමසීමේ දී පෙට්‍රල් මිල ඡන්ද විමසීමේදී තීරණාත්මක සාධකයක් විය හැකි බවයි.


නමුත් මේ සම්බන්ධයෙන් සවූදි අරාබියාව තනි තීරණයක් ගැනීම ප්‍රතික්ෂප කර ඇත.

දශක කිහිපයකින් එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇති වූ බරපතලම විරසකය මෙය විය හැකි අතර එක්සත් ජනපදය රාජධානියේ ආරක්ෂාවට සහාය වීම වෙනුවෙන් බලශක්ති සැපයුම සහතික කරන දිගුකාලීන ගිවිසුමක් ඉරා දැමීමට සෞදි අරාබියාව සූදානමින් සිටින බව විශ්ලේෂකයන් පුරෝකථන ඉදිරිපත් කරමින් තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි