×

සෞදි අරාබිය, රජුගේ සොහොයුරා සහ ඔහුගේ පුතු අත්අඩංගුවට ගනී

මෙමගින් රාජධානියේ වත්මන් පාලකයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නවතම මර්දනය සනිටුහන් කරයි.


සෞදි අරාබි රාජකීය පවුලේ සමීප සාමාජිකයින් දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන රඳවාගෙන ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්ථා කරයි. රාජකීය පවුලේ ජ්‍යොෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකු වන සල්මාන් රජුගේ බාල සොහොයුරා අහමඩ් බින් අබ්දුලාසීස් සහ රජුගේ බෑණනුවන් වන මොහොමඩ් බින් නයෙෆ් යන දෙදෙනා මෙසේ රඳවාගෙන ඇත.

වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් ඊයේ සිකුරාදා රාජකීයයන් දෙදෙනා රඳවාගෙන සිටින බව වාර්තා කළ අතර කියා සිටියේ ඔවුන් කුමන්ත්‍රණකාරී චෝදනාවකට සම්බන්ධ බවයි. බ්ලූම්බර්ග් පුවත්සේවයද රඳවා තබා ගැනීම වාර්තා කළේ, මෙම යුවළට රාජද්‍රෝහී චෝදනාවක් එල්ල වී ඇති බවයි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව මොහොමඩ් බින් නයෙෆ්ගේ බාල සොහොයුරා වන නවාෆ් බින් නයෙෆ් කුමරු ද රඳවාගෙන ඇත.

සෞදි බලධාරීන් විසින් මේ සම්බන්ධව ක්ෂණික අදහස් දැක්වීමක් සිදු කරන ලද අතර මෙසේ රඳවා තැබීම සල්මාන් රජුගේ පුත් ඔටුන්න හිමි රාජධානියේ තථ්‍ය පාලකයා වන කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් කරන ලද නවතම මර්දනය සනිටුහන් කරයි. 2017 දී සිංහාසනයේ උරුමක්කාරයා ලෙස ඔහුගේ ඥාති සොහොයුරෙකු වූ මොහොමඩ් බින් නයෙෆ් වෙනුවට සිංහාසනයේ උරුමක්කාරයා ලෙස පත් වූ දා සිට බලය තහවුරු කර ගැනීමට මොහොමඩ් කුමරු කටයුතු කර තිබේ. ඒ රාජ්‍ය භාණ්ඩාගාරය සිඳී යෑම සහ පැවති දූෂණයන්ට එරෙහිවය.

නමුත් ඔටුන්න හිමි සල්මාන් කුමරු පිළිබදව සෞදි රාජකීය පවුලේ ඇතැම් සාමාජිකයින්ගේ අමනාපය එල්ල වෙමින් පවතින අතර බලය යෙදවීම පිළිබදව ඔහු සම්බන්ධ විවේචන එල්ල වේ. 2018 වසරේදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය මෙම විරෝධතාවගේ මූලික හේතුව වෙි. එමෙන්ම පසුගිය සමයේ සෙදියේ තෙල් යටිතල ව්‍යුහයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධවද ඔවුන් සල්මාන් කුමරුගේ නායකත්වය ප්‍රශ්න කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය සදහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි