×

ආහාර අපතේ යවන රටවල් අතරින් පරමුඛස්තානය සෞදි ආරාබියට!

ඔවුන් වසරකට අපතේ හරින ආහාර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 10යි දශම 6ක් වන බව ද සදහන් වේ,


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජගත් සංවිධධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, වාර්ෂිකව ලොවපුරා ටොන් බිලියන 1යි දශම 3ක ආහාර ප්‍රමාණයක් අපතේ හරින බවයි.

එම වාර්ෂික ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් 50%ක ප්‍රතිශතයක් සෞදි ආරාබිය විසින් සිදුකරන බව ජගත් සංවිධධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

ජගත් සංවිධානයේ ආහාර අපතේ හැරීමේ වැඩසටහනට අනුව සෞදි ආරාබිය ආහාර අපතේ හරින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවන බවද පැවසේ.

ඔවුන් වසරකට අපතේ හරින ආහාර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 10යි දශම 6ක් වන බව ද සදහන් වේ,

සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ, එක් සෞදි ජාතිකයෙකු වසරකට කිලෝ 200ට ආසන්න ආහාර ප්‍රමාණයක් අපතේ හරින බවයි.

ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ, කෙසේ වුවද ආහාර සුරක්ෂිතතාවේ වැදගත්කම ස්මතු කිරීමට හා ආහාර පරිභෝජන පිළිවෙත් දිරිගැන්වීම සදහා පුළුල් වැඩසටහනක් සෞදි ආරාබිය තුළ ආරම්භ කළ යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි