×

යේමන් යුද්ධයේ ඉදිරි පෙළට, සෞදි ආරාබිය සුඩාන දරුවන් බඳවා ගනී

නිවුයෝර්ක් ටයිම්ස් පුවත් පත සමග පැවති සාකච්ඡාවකදී යේමන් යුධ පිටියේ සිට නැවත පැමිණ සුඩාන සෙබලුන් සිවු දෙනෙක් පවසා ඇත්තේ යේමන් යුධ පිටියේ සිටින සෙබළුන්ගෙන් 20% ත් 40% ප්‍රමාණයක් සිටින්නේ ළමා සොල්දාදුවන් බවයි.


සෞදි අරාබිය විසින් සුඩානයේ ගැටුම් හේතුවෙන් විනාශ වී ගිය ඩාෆර් ප්‍රදේශයේ දරුවන් යේමනයේ යුද්ධය සඳහා බඳවා ගන්නා බවට නිවුයෝර්ක් ටයිම්ප් පුවත් පත වාර්ථා කරන ලදී. සවුදිය යේමනයේ යුධ මෙහෙයුම් වල ඉදිරි පෙළ සටන් සඳහා සුඩාන ළමුන් යොදවීම සිදු කරයි.

මේ වෙනුවෙන් දරුවන්ගේ පවුල් වෙත ඩොලර් 10000ක් ගෙවනු ලබන අතර ඉරානයේ හුතී ගරිල්ලන් ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රහාර සදහ සවුදි අරබියේ මොහොමඩ් බින් සල්මන් රජු ගේ මැදිහත්වීම සිදු වන බව නිව්යොර්ක් ටයිම්ස් වාර්ථා කරයි. එක්සත් අරාබි එමීරේටිස් රාජ්‍ය හා සෞදිය යේමන යුද්ධය සඳහා සහාය දීම 2015 වසරේදී ආරම්භ කරන ලදී.
සුඩානය සවුදි මිත්‍ර පාර්ශිකයෙක් ලෙස සහභාගී වෙමින් යේමන යුද්ධය සඳහා යුධ භටයන් දහස් ගණනක් ලබා දී ඇත‍.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත සමග පැවති සාකච්ඡාවකදී  යේමන යුධ පිටියේ සිට නැවත පැමිණ සුඩාන සෙබලුන් සිව් දෙනෙක් පවසා ඇත්තේ යේමන් යුධ පිටියේ සිටින සෙබළුන්ගෙන් 20% ත් 40% ප්‍රමාණයක් සිටින්නේ ළමා සොල්දාදුවන් බවයි.


මෙම දරුවන් වයස අවුරුදු 14ත් 17 අතර ළමුන් බවයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ගේ දෙමාපියන්ගේ බල කිරීම් මත යුද්ධය සඳහා බඳවා ගනු ලැබූවන් වන අතර ඒ මුදල් ලබා ගැනීමේ අරමුණිනි.

යේමන් යුද්ධය සඳහා දරුවන් මුදලට ලබා දෙන දෙමවුපියන් සිතන්නේ තමන් ගේ ජීවිත වෙනස් කරගත හැකි එකම ක්‍රමය එය බවයි.


නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත පවසන පරිදි සවුදි අරාබිය විසින් මෙහෙවනු ලබන යේමනයේ යුද්ධය වෙනුවෙන් යුධ පිටියට ගොස් ඇති සුඩාන ජාතිකයන් සංඛ්‍යාව 14000කට අධික ය. මෙම සෙබළුන් සියල්ලන්ම පාහේ පැමිණෙන්නේ සුඩානයේ පැවති ගැටුම් හේතුවෙන් විනාශයට පත් වූ ඩාෆර් ප්‍රදේශයේ සිටයි. 2003 වසරේදී මෙහි ඇති වූ ගැටුම් හේතුවෙන් 300000කට අධික පිරිසක් මරා දැමිණි.

මෙම බඳවා ගැනීම් සම්බන්ධව සුඩානයේ සෙබළෙකු පවසා තිබුණේ සවුදි සහ අරාබි මිත්‍ර සංගමයේ සාමාජිකයින් සුඩාන සෙබළුන්ට සළකන්නේ වියළි දර මෙන් සිතා බවයි.
එක්සත් ජාතීගේ සංගමය විසින් 60000කට අධික පිරිසකට මරණය ගෙනා මෙම යේමන් යුද්ධය හඳුන්වා ඇත්තේ ලොව දරුණුතම මිනිස් ව්‍යසනය මෙය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි