×

කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකිරීමට පසුබට වෙන්නැහැ – සෞදි කුමරු

අපට අපගේ කලාපය තුළ යුද්ධයක් අවශ්‍ය නැත…නමුත් ....?


ගල්ෆ් කලාපය තුළ ඇති වූ තෙල් ටැංකි පිපිරීමත් සමග ඇමරිකාව ඉරානය වෙත චෝදනා කර සිටින්නේ මෙ පිපිරීම් හී වගකීම ඉරානය විසින් භාර ගත යුතු බවයි. නමුත් එය දැඩි සේ ප්‍රතික්ෂේප කරමින් සිටින ඉරානය මෙන්ම ප්‍රහාරය සම්බන්ධව ප්‍රථම වතාවට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු විසින් ප්‍රකාශයක් නිකුත් කෙරිණි.

ප්‍රථම වතාවට මහජනයා ඉදිරියේ මේ සම්බන්ධව සිය අදහස ප්‍රකාශ කළ මොහොමද් බින් සල්මාන් කුමරු අවධාරණය කර සිටියේ ” තමන් වෙත එල්ල වන කුමන හෝ අයුරේ බලපෑමක් සමග හැප්පෙන්නට කිසිදු විටකත් තමන් නොපසුබට නොවන බවයි”


pan-Arab daily Asharq al-Awsat සමග සම්මුඛ සාකච්ඡාවක් සදහා සහභාගී වෙමින් ඔහු පවසා ඇත්තේ ” අපට අපගේ කලාපය තුළ යුද්ධයක් අවශ්‍ය නැත… නමුත් අපගේ ජනතාවට, සෛවරීත්වයට සම කලාපයේ සහයෝගීතාවට කිසිදු අයුරක බලපෑමක් වන අයුරේ ක්‍රියාවන් ට එරෙහිව ක්‍රියාත්මක වන්නට අප පැකිලෙන්නේ නැත” යනුවෙනි.

ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ ඉරාණ රජය ජපන් අගමැති විසින් ටෙහෙරානයට පැමැණි පසු ඔහුට ගෞරවය ලබා නොදුන් බවත් ඔහුගේ රාජතාන්ත්‍රික උත්සහයට ප්‍රතිචාර ලෙස ජපානයට අයිති තෙල් නෞකාවක් ඇතුළු නෞකා දෙකක්ට ප්‍රහාර එල්ල කළ බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි