ඉස්රා සහ ඇගේ සැමියා මවුසා අල්-හෂේම් (Moussa al-Hashem) අත්අඩංගුවට ගැනුණේ 2015 දෙසැම්බරයේ ය. ඔවුන්ට එරෙහිව නැගුණු චෝදනාව සෞදි රාජධානියේ නැගෙනහිර පළාත වන ක්වාටිෆ් හි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කිරීමයි.
සෞදියේ ක්‍රියාත්මක ත්‍රස්ත මර්දන නීතිවලට අනුව මෙම වරදට දඬුවම මරණයයි.
ඒ අනුව මේ මස මුලදී සෞදි අධිකරණය නියම කළේ ඉස්රා සහ තවත් පස් දෙනෙක් ගෙළ සිඳ මරා දමන්නට ය.
ඇයව මේ වන විට පුරා වසර 3කට අධික කාලයක් රඳවා තබාගෙන සිටින්නේ නීතීඥ සහායක් පවා ලබාගැනීමට ඉඩ නොදෙමිනි.ඔක්තෝබර් මාසයේදී ඇය වෙනුවෙන් අධිකරණයේ අභියාචනය කිරීමට මානව හිමිකම් ක්‍රියාකාරීහු කටයුතු කරමින් සිටිති.
සෞදියේ මානව හිමිකම් පිළිබඳ යුරෝපියානු සෞදි සංවිධානය (European Saudi Organisation for Human Rights) ඉස්රා ව හඳුන්වා දෙන්නේ ‘මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වී වැඩ කළ ප්‍රකට චරියයක්‘ ලෙස ය. ඇයව වහාම නිදහස් කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.
නමුත් මේ හඬට කන් දෙන්නේ කවුද? මේ මරණ දණ්ඩනය නතර කළ හැක්කේ සෞදියේ සලමන් රජුට පමණි. නමුත් ඔහු සාමාන්‍යෙයන් කිසිම මරණ ලැයිස්තුවක් සංශෝධනය කරන්නේ නැත. ඔහු කරන්නේ අනුමත කිරීම පමණි.
සෞදියේ රැවුල් කුමාරයා යනුවෙන් විරුදාවලි ලත් ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් ය. රට තුළ අතිශය ප්‍රගතිගාමී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන අයෙක් වශයෙන් ඔහු ව සැලකේ. සෞදි අරාබිය ගතවූ කාලයේදී සමාජයීය සහ ආර්ථික වශයෙන් විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් වෙත යොමුවුණේ මේ කුමරු නිසා ය. ආගමික අන්තවාදය සහ දූෂණය නතර කිරීම සඳහා ඔහු විසින් වැදගත් පියවර ගණනාවක් ගෙන තිබේ. සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර ලබාදීම එයින් එකකි. නමුත් සෞදියේ මානව හිමිකම් තත්වය නංවාලීම සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත් වීම ඉතා අඩු ය.
මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය ඉස්රාට ගැළවීමක් නැති බවද? ඇගේ ගෙළ කපා මරා දැමුණහොත්, එය පැහැදිලිවම සෞදියේ සියලුම දේශපාලන ක්‍රියාකාරිනියන් සම්බන්ධයෙන් සෞදි අධිකරණය ලබාදෙන ‘භයානක පූර්වාදර්ශයක්‘ වනු ඇත. ඇම්නේස්ටි ඉන්ටනැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට අනුව සෞදි අරාබිය ලෝකයේ වැඩි වශයෙන්ම අළුගෝසුකම කරන රටයි. එනම්, ලෝකයේ වැඩිපුරම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන රටයි. මේ මොහොතේ ද සෞදියේ මරණ දණ්ඩන ලැයිස්තුවේ 58 දෙනෙක් සිටිති.