×

සැක්සෆෝන් රොබෝ

සැක්සෆෝනයක් වාදනය කිරීමට සමත් මේ රොබෝව දකුණු කොරියාවේ වසීඩා සරසවියේ මහාචාර්ය අසූතෝ තකෂිනිගේ නිර්මාණයකි


රොබෝවේ නම WAS-5 ය. WAS-5 මේ වන විට සංගීත ප්‍රසංග සඳහා සැක්සෆෝන් වාදන ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වයි.

සැක්සෆෝන් රොබෝ යන්ත්‍රවල විශේෂත්වය වන්නේ සැක්සෆෝන් වාද්‍ය භාණ්ඩයට අවශ්‍ය සුළං පීඩනය, අදාළ ස්වර රටාවට අනුව අඩුවැඩි කරමින් පාලනය කර ගැනීමට රොබෝව දක්වන සමත්කමයි. සාමාන්‍යෙයන් සුෂිර වාද්‍ය භාණ්ඩ ගණයට අයත් වන මෙවැනි සංගීත භාණ්ඩ රොබෝවන්ට පමණක් නොව මිනිසුන් හට ද වාදනය කිරීමට අපහසුම වාද්‍ය භාණ්ඩ කාණ්ඩයක් සේ සලකයි.

” ලෝකයේ මේ වන විට සිටින ජනප්‍රියම සැක්ස් රොබෝව ලෙස සැලකෙන්නේ WAS-5 ය. “

‘සැක්ස්“ රොබෝ යන කෙටි නමින් ද හඳුන්වන සැක්සෆෝන් රොබෝ යන්ත්‍ර මුලින්ම ලෝකයේ ජනප්‍රිය වූයේ 1994 වසරේදී ය. නමුත් මේ දක්වා නිර්මාණය වූ රොබෝ යන්ත්‍රවල හියුමනොයිඩ ස්වභාවය හෙවත් යාන්ත්‍රික හැඩයෙන් බැහැර වූ ස්වභාවය දැකගන්නට ලැබුණේ නැත. දකුණු කොරියාවේ මහාචාර්ය අසූතෝගේ රොබෝ දරුවා බැලූ බැල්මට හියුමනොයිඩ, එනම් දළ වශයෙන් හෝ මිනිස් හැඩරුවකක් ගනියි.

මේ අනුව ලෝකයේ මේ වන විට සිටින ජනප්‍රියම සැක්ස් රොබෝව ලෙස සැලකෙන්නේ WAS-5 ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි