×

ඇමරිකාව සහ පිලිපීනය අතර ආරක්ෂක ගිවිසුම් අහෝසි ‌කෙරේ

.


ඇමෙරිකාව සහ පිලිපීනය අතර පැවති ආරක්ෂක ගිවිසුම අහෝසි කරන කිරීමට තමන්ට අවශ්‍ය බව පිලිපීනය නිල වශයෙන් නිවේදනය කරන ලදී.

මේත් සමග පිලිපීනය තුළ සහ අවට මුහුදු කලාපයෙහි ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවන්ට පුහුණු කිරීමේ හා ඒකාබද්ද අභ්‍යාසවල නිරතවීමට ඉඩ සලසමින් දෙරට විසින් අත්සන් කර තිබූ ආරක්ෂක ගිවිසුම අහෝසිවී යනු ඇත.

පිලිපීනයේ දේශපාලනික හිතවතෙකු වන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සම්බන්ධ ක්‍රියාකාරිකයෙකු වන රොනල්ඩ් ඩෙලා රෝසා හට ඇමෙරිකාවට ඇතුළුවීම සදහා වීසා ලබාදීම ඇමරිකානු රජය ප්‍රතික්ෂේප කිරීම පිලිපීනයේ මෙම තීරණයට හේතු වූ බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට් ප්‍රකාශ කරයි.

ඒමෙන්ම ඉදිරියේදී මෙතෙක් තමන් හා සම්බන්ධතා දැක්වූ ඇමරිකාවෙන් ඈත් වී චීනයට සහය පල කිරීම සිය විදෙස් ප්‍රතිපත්තිය සකස් වනු ඇති බවද ඔහු පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි