×

සෝමාලියාව උග්‍ර නියඟයක් අත ලඟ

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ සමහර ප්‍රදේශවල ඔවුන්ගේ පශු සම්පත් වලින් 80% ක් අහිමි වී ඇති බවයි.ලෝක ආහාර වැඩසටහනට අනුව, කෙන්යාව, සෝමාලියාව සහ ඉතියෝපියාව පුරා මිලියන 13 ක ජනතාවක් දැඩි කුසගින්නෙන් පෙළෙන අතර, 1981 සිට අප්‍රිකාව මෙහිදි කැපිපෙනෙන මහද්විපයයි.


සෝමාලියාවේ අවතැන් කඳවුරුවල තත්වය දැඩි අර්බුධකාරි තත්වයකට ලක්ව තිබේ.දශක ගණනාවකට පසු එරට සිය රටට බල පෑ දරුණුතම නියඟයකට මුහුණ දි බැවින් මේ වසරේ මේ වන විටත් 300,000 කට වැඩි පිරිසක් ආහාර හා ජලය සොයා තම නිවෙස් හැර ගොස් තිබේ.

මේ වන විට රට තුල ආහාර භෝග සහ පශු සම්පත් විනාශ වී ඇති 2020 ඔක්තෝම්බර් මාසයේ සිට බල පෑ අඛණ්ඩ වියලි කාලයත් සහ එරටෙහි දිග්ගැස්සුනු සිවිල ප්‍රචණ්ඩත්වය නිසා නිවෙස් අතහැර, දැනටමත් සහන කඳවුරු වෙත ජනතාව සැතපුම් ගණන් පයින් ගමන් කරමින් සිටි. සෝමාලියාවේ එවැනි ජනාවාස 2,400කට වඩා ඇති අතර, ඒවා දැනටමත් සම්පත් හිඟතාවයෙන් පෙලෙයි.මේ පිලිබඳව එක්සත් ජාතින්ගේ සංවිදානය අනතුරු අඟවාඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, සෝමාලියාවේ ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසකට හදිසි ආහාර ආධාර අවශ්‍යය .

අවුරුදු පහට අඩු දරුවන් මිලියන 1.4ක් පමණ උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වීමට ඉඩ තිබේ.මේ වසරේ අප්‍රේල් මාසය දක්වා වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ refugee agency හි සංඛ්‍යාලේඛනවලට අනුව ජනවාරි මාසයේ සිට අවතැන් වූ 317,000 න් වැඩි පිරිසක් නියඟය හේතුවෙන් තම නිවෙස් හැර ගොස් තිබේ. සෝමාලියාවේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ දැන් අභ්‍යන්තරව අවතැන්ව සිටිති.2020 වසර මුල් භාගයේදී පළඟැටි රංචු බෝග විනාශ කළ නිසා ගොවීන් දැනටමත් දැඩි ලෙස පීඩාවට පත්වතිබේ.එමෙන්ම පසුගිය වසරේ මාස දෙකක් තුළ අවම වශයෙන් නිවෙස්හි පශු සම්පත් සඳහා ඇති කරන සතුන් 700,000 ක් මිය ගොස් ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ සමහර ප්‍රදේශවල ඔවුන්ගේ පශු සම්පත් වලින් 80% ක් අහිමි වී ඇති බවයි.ලෝක ආහාර වැඩසටහනට අනුව, කෙන්යාව, සෝමාලියාව සහ ඉතියෝපියාව පුරා මිලියන 13 ක ජනතාවක් දැඩි කුසගින්නෙන් පෙළෙන අතර, 1981 සිට අප්‍රිකාව මෙහිදි කැපිපෙනෙන මහද්විපයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි