×

ඇමරිකාවේ මැද පෙරදිග නාවික හමුදා ප්‍රධානියා මරුට

ඇමරිකා එක්සත් ජනපදයේ මැදපෙරදිග නාවික හමුදා ප්‍රධානී ස්කොට් ස්ට්‍රීනි බහරේන් රාජ්‍යයේදී මියගොස් තිබේ.


මරණය සිදු වී තිබෙන්නේ බහරේන් රාජ්‍යයේ පිහිටා තිබෙන ඔහුගේ නිවසේදී ය. Scott Stearney

මේ පිළිබඳ විමර්ශන කටයුතු දැන් සිදු කෙරේ.

වයිස් අද්මිරාල් ස්කොට් ස්ට්‍රීනි ඇමරිකානු නාවික හමුදාවේ මැදපෙරදිග මෙහෙයුම් භාර ප්‍රධානියා වශයෙන් සිය ධුරයේ කටයුතු භාරගත්තේ මේ වසරේ මැයි මාසයේදී ය. පස්වන බලඇණියේ මෙන්ම ඒකාබද්ධ සාගර බලකායේ ප්‍රධානියා වශයෙන් ද ඔහු කටයුතු කළේය. ඔහු ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සරසවියේ උපාධිධාරියෙකි.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාර භාර නිලධාරියෙකු ලෙස ස්කොට් ස්ට්‍රීනි කටයුතු කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි