×

‘වාසනාවන්ත පෞරුෂයේ‘ රහස් හත

‘වාසනාවන්ත පෞරුෂය‘ කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. නමුත් එහි සිද්ධාන්ත තිබෙනවා.


1997 ජුනි 16 දා රාත්‍රියේ කැරෙන් මිනැහැන් සිටියේ තම පුත්‍රයාගේ වෑන් රථය වෙතට ගෙන යාම පිණිස වයර් තොගයක් පෙට්ටියකට අහුරමිනි. මෙම පණස්පස් හැවිරිදි කළමණාකාරවරියගේ අරමුණ වූයේ වොෂින්ටන්හි පයාලූප් ද්විතීයික පාසලේ ප්‍රසංගයකට අවශ්‍ය කර තිබෙන වීඩියෝ ටේප්, සංයුක්ත තැටි ආදිය ගෙන යාමයි. ඇය අවශ්‍ය බඩු බාහිරාදිය අඩුක්කර අවසන් වී වෑන් රථයේ පිටුපස දොර වසත්ම අසල මාර්ගයේ සිට පැමිණි මෝටර් රථයක් වෑන් රථයේ පිටුපස වැදිණි. මිනාහැන් පසෙකට විසි වී ගියාය. බීමත් මෝටර් රථ රියැදුරු සිහි එළවා ගන්නා විට ඇය රථයේ මිනැහැන්ව දෙවතාවක්ම වැදී තිබිණි.

මේ අවාසනාවන්ත සිදුවීම නිසා මිනැහැන්ගේ ඉළඇට සියල්ලම කැඩී බිඳී පොඩි වී ගොස් තිබිණි. ඇගේ පෙනහළු කිහිප පොළකින්ම සිදුරු වී තිබිණි. ඇයව විගසින්ම හෙලිකොප්ටරයක ආධාරයෙන් හාර්බෝවීච් හි වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගිය අතර සති හතරක කාලයක් ඇය සිහි විසඥ තත්ත්වයට පත්ව කල් ගෙවූවාය.

ඊළඟ වර්ෂ හතර ඇතුළත ඇය අතිශය වේදනාකාරී ශල්‍යකර්ම 26 කට මුහුණ දුන්නාය. එහෙත් ඇගේ පාදය හා ඇගේ රැකියාව ඇයට යළි ලබාගත නොහැකි ලෙසින් අහිමි වී ගොස් තිබිණි. “නමුත් මට හැම වෙලාවකදීම සිතුණා මම වාසනාවන්ත බව… මට මගේ ජීවිතය අහිමි වුණේ නැහැ…’’ මිනාහැන් පවසයි. “දැන් මට අවශ්‍ය, ජීවිතය මටත් වඩා බොහෝ දේවල් අහිමි වූ මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නයි…’’

මිනාහැන් පමණක් නොව අපි සියල්ලෝම වාසනාව පිළිබඳව ගැඹුරින් විශ්වාසය තබමු. වාසනාවන්ත අංක, වාසනාවන්ත ඇඳුම් විලාසිතා ආදිය අප තෝරාගෙන තිබෙන්නේ ඒ නිසාය. බටහිර ජාතිකයෝ ඉනිමං යටින් ඇවිද යාම ප්‍රතික්ෂේප කරති. චීන ජාතිකයන් විශ්වාස කරන්නේ අංක 4, මරණය සම්බන්ධ අංකයකියි කියාය.

ජීවිතය ස්වායත්ත දෙයක්ද? එය ගලා යන්නේ එයටම ආවේණික ශෛලියකට වෙනත් කිසිවෙකුගේ බලපෑමකින් තොරවද? ඉතා හොඳ රැකියාවක් ලැබෙන්නේ, සුවපහසු ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබෙන්නේ, ඉතා කදිම මිතුරන් ලැබෙන්නේ ඔබගේ වාසනාව මතද? මුළුමහත් ජීවිතයම බැඳී ඇත්තේ වාසනාව නමැති හුයෙන්ද?

නැත. එහෙත් මෙම කාරණය සත්‍යය. එනම් වාසනාවන්ත පුද්ගලයෝ හැමවිටම සතුටින් සිටිති. තවද ඔවුහු හැම මොහොතකම ක්‍රියාකාරී ක්‍රියාශීලී පුද්ගලයෝ වෙති. ඇත්ත වශයෙන්ම වාසනාව, ආකල්ප සහ හැසිරිම් මත රැඳී ඇති දෙයකි. එවන් පුද්ගලයින්ගේ වාසනාවන්ත ‘ප්‍රතිරූපය’ එසේත් නැතිනම් ඔවුන්ගේ ‘වාසනාවන්ත පෞරුෂය’ පසුපස ඇති රහස් හතකි. මේ.

1. දෛවය ඔබේ සුරත මත තබාගන්න.

“ඔබේ සිත තුළ ඔබ පිළිබඳවම සුබදායී ආකල්ප ඇති කර ගැනීම සඳහා ඔබට සිදුවන හැම දෙයක්ම ඔබේ යහපතට සිදුවන දේවල් බවට සිතන්න. අනෙක් අතට නිතරම එවැනි දේ අනාගතයේදී ද සිදු විය හැකි බව විශ්වාස කරන්න. වාසනාව ඔබ සොයා එන්නේ ඉඳහිට යැයි කිසි විටෙක නොසිතන්න.’’ එසේ පවසන්නේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය මාර්ටින් සෙලිග්මන්ය. ඔබේ ජීවිතය පාඩු ලබමින් හෝ ඉදිරියට දිව විය යුතු ව්‍යාපාරයකැයි ඔබ සිතන්නේ නම්, ඔබ තුළ අනිවාර්යයෙන්ම ධනාත්මක සිතිවිලි ඇති වනු ඇත. “ඔබ සිතනවා නම් ඔබ වාසනාවන්ත පුද්ගලයෙකු බවට පත්විය යුතුයි කියලා ඔබේ උරමත පැටවී ඇති වගකීම් නිසි ලෙස කලට වේලාවට ඉටු කිරීමට උත්සුක විය යුතුයි.’’ ඔහු පවසයි.

2. සිත් පත්ලෙන්ම ඔබට අවශ්‍ය දෙය වටහා ගන්න.

ඔබ ඔබේ සතුට හා වාසනාව සොරා ගන්නා චෞරයන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. මෙම සොරුන් කවුරුන්ද? කෝපය, ලැජ්ජාව සහ අමනාපය මෙම සිතිවිලි අතර ප්‍රධානතම ස්ථානය ගනී. මෙම හැඟීම්වලට ඔබ වහල් වී සිටින තාක්කල් ඔබට උදව් කිරීමට මඟ බලා සිටින පුද්ගලයින්ගේ උපකාර පවා ඔබට නොලැබී යා හැකියි. කළ යුත්තේ කුමක්ද? එවැනි හැඟීමක් ඇති වූ විට “මට දැන් කේන්ති ගිහින්’’ යනාදී වශයෙන් ඔබ සත්‍ය තත්ත්වය වටහාගත යුතුය. මෙම ඍණාත්මක හැඟීම් ඔබේ සිත තුළ මානසික අවපීඩනය විශාදය වැනි තත්ත්ව ඇති කරලයි.

හතළිස් අට හැවිරිදි එරික් රෝෆෙස් ඔහුගේ සිතේ ඇති වන එවැනි ඍණාත්මක හැඟීම් පාලනය කර ගැනීමට අසමත් විය. ඔහුව පරීක්ෂා කළ විශේෂඥයන් පැවසුවේ ඔහු කුඩා කල පටන්ම පුරුදු වී සිටියේ ඕනෑම සිදුවීමක නරක පැත්ත දෙස පමණක් බැලීමට බවයි. ඔහු ඉක්මනින් බලාපොරොත්තු බිඳගන්නා සුළු අයෙකු විය. “මම අන්තිමේදී තීරණයක් ගත්තා මාගේ ජීවිතයේ රඟ දැක්වෙන මේ ඍණාත්මක නාට්‍යය අවසන් කර දැමීම’’ යැය මාතෘකාවක් ලීවේය. ඔහු ඒ තුළ බහාලූයේ දිනකට ඔහුට ඇති වන ඍණාත්මක සිතිවිලි සමුදායයි. පුදුමයකි ක්‍රමයෙන් ඔහුගේ ආකල්පවල සුබවාදී වෙනසක් ජනනය විය. දැන් ඔහු වඩ වඩාත් ධනාත්මක මිනිසුන්ව ඇසුරු කරයි. එවැන්නෝ තමන් ආරම්භ කළ වැඩ කෙසේ හෝ සාර්ථකව නිම කරති. තනිවම තම ව්‍යාපෘතියක් සාර්ථක ලෙස නිම කිරීම නමැති සිහිනය ඔහු ඉතා ඉක්මනින් සැබෑ කර ගන්නවා සැක නැත.

3. ඔබේ මනස අවස්ථාවාදී කරගන්න.

ඔබට ඔබේ දෛවය ඔබ තුළ ගබඩා කරගෙන තබා ගත නොහැකිය. එය ඔබ විසින් අවස්ථාවාදීව ඔබේ ඉලක්කය කරා මෙහෙයවා ගත යුතුයි. උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කණ්ඩායම් වැඩවලදී තම අදහස් එකිනෙකා සමග බෙදා හදා ගැනීමට දක්වන්නේ ඉතා විශාල මැලිකමකි. අසල්වැසියා තමන්ගේ අදහස සොරාගෙන, එය වංචනික ලෙස යොදවා තමන්ට වඩා ඉහළ සාමාර්ථයක් ලබා ගනු ඇත යන බිය ඔවුන් තුළ තිබීම එයට හේතුවයි. මේ තත්ත්වය යථාර්ථයකි. නමුත් පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ අදහස් බෙදා හදාගන්නා තරමට එකිනෙකාගේ නිර්මාණශීලීත්වය ද ඉහළ නැංවෙන බවයි. “මම දැන් වැඩි වශයෙන් කැමැති විවෘත කෙනෙක් වෙන්නයි’’ රෝෆෙස් පවසයි. “එයින් ඉලක්කය කරා ළඟා වීමට මට කදිම තල්ලුවක් ලැබෙනවා. ක්ෂේත්‍රයේ නියුතු හිත හොඳ මිනිසුන් සමග විවෘතව හැසිරීම ඉතා හොඳ වාසනාවක්’’ එවැනි වාසනාවක් උදාකර ගැනීම පිණිස ඔබේ මනසත් විවෘතව තබාගන්න. මනස අවස්ථාවාදී කරගන්න.

4. ලෝකය අයිති ඔබට යැයි සිතන්න.

නිවසේ කාමරයක අසුන්ගෙන සිටීමෙන් ඔබට ඔබේ වාසනාව උදාකර ගත නොහැකියි. ඔබ ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුයි. “හැමවිටම නොකම්මැලිව ක්‍රියාත්මක වන්න. ඒ අතරතුර ඔබ අතින් නොයෙකුත් අත්වැරදීම් සිදුවීමට පුළුවන්. ඒ සම්බන්ධව ඔබ බිය විය යුතු නැහැ…’’ ඒ තවත් චින්තකයෙකුගේ අභියෝග භාර ගැනීම තුළින් ඔබට හිමි වෙනවා.’’

ස්ටෙෆනිහි රයිස් 1997 වසරේ නිව්යෝර්ක් නගරයේ සිට ලන්ඩනය බලා ගුවන් ගමනක යෙදුණේ තම අනාගත ස්වාමිපුරුෂයාව හඳුනා ගැනීමට ඉටාගෙන නොවේ. මේ අතර එම හුස්ටන් වාසියෙකු වූ අලෙවි විධායකවරයාගේ අපේක්ෂාව වූයේ ගමන අතරතුර ඉතා හොඳ නින්දක් ලබා ගැනීමයි. එහෙත් ඒ වෙනුවට ඇය කරා ගිය ඔහු ඇයට යාබද හිස් අසුනේ වාඩි වීමට අවසර පතා සිටියේය. ඔවුන් දෙදෙනාගේ කාලය ගෙවී ගියේ දෙදෙනාව දැක හඳුනාගෙන කතා බහ කිරීමටය. එයින් තෙවරසකට පසු දෙදෙනා විවාපත් වූහ. “ටිම්ව මුණගැසීම වාසනාවක්’’ ඇය පවසයි. එහෙත් ඔහු පවසන්නේ වෙනස් කතාවකි. “මට නිදාගන්නට අවශ්‍ය වුණා. නමුත් මම ඒ වෙලාවෙ වෙනස් තීරණයක් ගත්තා. මම ඇයත් සමග කතාබස් කිරීමට තීරණය කළේ එය මට අලුත් අත්දැකීමක් එක් කරාවිය යන විශ්වාසය තිබුණ නිසා. මම ඉරණම විශ්වාස කරනවා. නමුත් ඔබ අලුත් අත්දැකීම් ලබාගන්නට සූදානම් හැම මොහොතකදීම වාසනාව ඔබ කරා පැමිණෙන්නට වෙර දරනවා.’’

5. ඔබේ ඊර්ෂ්‍යාව පරීක්ෂාවට ලක් කරන්න.

සෑම විටකම තම ජීවිතය තවත් කෙනෙකුගේ ජීවිතය සමග සසඳා බලන පුද්ගලයා අතෘප්තිකර අවාසනාවන්තයෙකි. සෑම කෙනෙකුගේම සිත තුළ ඊර්ෂ්‍යාවක් ඉපදීම ස්වාභාවිකය. නමුත් එය ඔබේ සිත තුළ අසතුට ජනනය කරයි. තවද ඔබ සතුව ඇති ඔබේ ඉලක්ක සහ ඔබේ අපේක්ෂා අමතක කරවයි. සෑම කෙනකුටම ලොතරැයි ජයග්‍රාහකයෙකු වීමට නොහැකිය.

I Done This Blog

I Done This Blog

6. ‘සම්බන්ධකයක්’ ලෙස සිතන්න.

වාසනාව උදාකර ගත් බොහෝ පුද්ගලයෝ අතරමැදියෝ වෙති. එනම් ඔවුහු ජීවිතයේ බොහෝ වැදගත් අවස්ථාවලදී සම්බන්ධකයක් ලෙසට ක්‍රියා කර තීරණ ගෙන ඇත්තාහ. උදාහරණයක් වශයෙන් ඔබේ කලකින් නොදුටු මිතුරෙකුගේ උපන් දිනයට සුබ පැතුම් පතක් යවන්නට ඔබ පැකිලෙන්නේ මන්ද? එම පුද්ගලයාත් සමග ඔබ පවත්වාගෙන යන සම්බන්ධතාවය ඔබට කෙදිනක හෝ වාසනාව උදාකර දීමට සමත් වනවාද විය හැකියි. “ඔබ විවිධ ආකාරයේ මිනිසුන් සමග සම්බන්ධතා පවත්වා ගන්නා තරමට ඔබට වැඩි වශයෙන් අවස්ථා ලැබෙනවා’’ විශේෂඥයෝ පවසති. “සමාජශීලී බව, ශක්තිය සහ විවෘත බව විසින් වාසනාව පෝෂණය කරනවා….’’

7. සෑම දෙයකම අතීත සැමරුමක් සොයන්න.

වාසනාව කරා ළඟා වීමට ඔබට ඔබේ අතීතය පිළිබඳව තිබිය යුත්තේ තෘප්තිමත් හැඟීම් සමුදායකි. තවද පැහැදිලි මතයකි. එවිට ඔබට වර්තමානයේ යම් අසුබවාදී දෙයක් සිදුවේ නම්, ඔබ එය අතීතයේ සිදු වූ අතිශය අයහපත්, අවාසනාවත් දෙයක් සමග සැසඳීමට පෙළඹෙයි. එයින් සිදුවන්නේ ඔබ වර්තමාන අභියෝගයට මුහුණ දීමට තරම් සිත දිරිමත් කර ගැනීමයි. පුද්ගලික දින පොතක් දිනපතා පවත්වා ගෙන යාම මේ සම්බන්ධව ඔබට කළ හැකි ඉතා කදිම දෙයකි. සෑම දිනකම අවසානයේ මිනැහැන් තමන්ට දියුණු අතිශය වේදනාබර අවස්ථා තම දින පොතේ ලියා තැබුවාය. එම ව්‍යායාමට ඇයට “අතීතයට වඩා අනාගතය යහපත් විය හැකියි’’ යන විශ්වාස ඇති කර ගැනීමට කදිම පිටිවහලක් විය. “මම බලාපොරොත්තු වෙනවා කවදාහරි මාව අනතුරට ලක්කරපු බීමත් රියදුරු කාන්තාව මුණගැසී ඇයට සමාව දීමට’’ ඇය පවසයි. “එම සිදුවීමෙන් ඇය මගේ ජීවිතයේ ඒතාක් නොතිබුණු බොහෝ දේ මට ලබා දුන්නා.’’

cover photo: BsnSCB.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි