×

සෙලීනාගේ “My Mind And Me” හි පූර්ව ප්‍රචාරක පටය කරළියට !

2022 වර්ෂයේ නොවෙම්බර් 04 දිනය වෙන් කර තබාගන්න.


ගීතලොව සුරූපිනියක වූ ඇය නමින් සෙලීනා මාරී ගෝමස් (Selena Marie Gomez) ය. ඇය සම්බන්ධව මේ දිනවල අලුත් වැඩකට මුල පිරීමක් වශයෙන්චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් එළිදක්වා ඇත. My Mind And Me යන මෙය අලුත් ෆැන්ටසි ලොවක් මවන ලස්සන නිර්මාණයක් වනු බව නොඅනුමානය.

මෙය මානසික සෞඛ්‍ය සහ කීර්තිය ආදී හැඟීම් ජනිත කරවන ආකාරයෙන් පාඨකයා ඇඳ බැඳ ගැනීමට දරණ ප්‍රයත්නයක් බව පැහැදිලි ය. සෙලීනාගෝමස්ගේ වසර හයක සිදුවීම් සිද්ධාන්තයක් ලෙස ගෙන ඇයගේ ලූපස් රෝග විනිශ්චය පිළිබඳව සහ ඇගේ මානසික සෞඛ්‍ය මට්ටම පැවති ආකාරයපිළිබඳව මෙන්ම ඇය තම ජීවන අරගලයට මුහුණ දුන් දුෂ්කරතා පාදක කර ගනිමින් මෙය දිඟ හැරීමට නියමිතයි.

ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබුණ ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී මෙහි පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූයේ එම දිනයට සුවිශේෂීත්වයක් එකතු කරමිනි.

2022 වර්ෂයේ නොවෙම්බර් 04 දිනය වෙන් කර තබාගන්න. එදින එළිදැක්වීමට නියමිත මෙම සිනමා සිත්තම සෙලීනාගේ රසික රසිකාවියන්ට අලුත්මඅත්දැකීමක් වනු ඇත.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි