×

කොවිඩ් ආසාදනය වූ බොලිවුඩ් ගීත රචක ශ්‍රාවන් රතෝඩ් දැයෙන් සමුගනී

මේ වන විටත් බොලිවුඩයේ මෙන්ම ජාත්‍යන්තර වේදිකාවේ ජනප්‍රිය පුද්ගලයින් රැසක් රතෝඩ් ගේ හදිසි වියෝවීමට තම ශෝකය ප්‍රකාශ කර තිබේ.


බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගීත රචකයකු වන ශ්‍රාවන් රතෝඩ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 66 වියේ පසුවූ ඒ මහතා ගේ වෛද්‍ය වාර්තා අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී තිබූ බවටයි පවුලේ සාමාජිකයන් තහවුරු කරනු ලැබුවේ.

කුම්භ මේලා හින්දු උත්සවය සඳහා විශාල ජනකායක් ඒකරාශී වන ඉන්දියාවේ හරිද්වාර් නගරයේ සිට රතෝඩ් මහතා සිය බිරිඳ සමඟ ආපසු පැමිණ ඇති බවට සඳහන්.

ඉන්දියාවේ වත්මන් කොවිඩ් තත්ත්වය අනුව අධික ජනකාය සහිත ප්‍රදේශයන් හි සිට පැමිණ ඇති නිසා ඒ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බවට විශ්වාස කෙරේ.

90 දශකයේ බොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය චිත්‍රපට ගීත රැසක රචකයකු වන රතෝඩ් මහතා බොහෝ සංගීත කටයුතු වල නිරතවූයේ තම මිත්‍ර නදීම් සයිෆි සමඟිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි