×

සිංගප්පූරු ශිෂ්‍ය ප්‍රගති වාර්ථාවල ”කී වෙනියාදැයි?” සටහන් කිරීම තහනම් කෙරේ

අධ්‍යාපනය තවදුරටත් තරගයක් නොවන බව රජය පවසයි.


පාසැල් දරුවන් විභාගයේදී පළමු වෙනියා වුවද අන්තිමයා වුවද එය තවදුරටත් සිංගප්පූරු ප්‍රාථමික හෝ ද්විතීයිත පාසැල් දරුවන්ගේ ප්‍රගතිවාර්ථා තුළ සටහන් නොවනු ඇති බවට සිංගප්පූරු රජය විසින් තීරණය කර ඇත. එරට අධ්‍යාපන අමාත්‍යවරයා වන ඔන්ග් යෝ කුන්ග් පවසන්නේ එමගින් තමන් දරුවන්ට ” අධ්‍යාපනය යනු තරගයක් නොවන බවට පෙන්වීමට සූදානම් බවයි.

මෙම වසරේ සිට සංගප්පූරු පාසැල් දරුවන් වෙත ලබා දෙන ප්‍රගති වාර්ථා තුළින් ඔවුන් කීවෙනියාද යන්න ට අමතරව සියළු විශයන් සදහා ලකුණු වල ඉහළම සහ පහළම ලකුණු මට්ටම් , මුළු ලකුණු ප්‍රමාණය, විෂයන් සදහා ලක්ණු වල මධ්‍යන්‍ය අගය ආදී සියළුම ශ්‍රේණිගත කිරීම් ඉවත් කෙරෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ මෙම වෙනස මගින් දරුවන් තමන්ගේ ලකුණු ප්‍රමාණය පිළිබදව උනන්දු වීම වැඩි වනු ඇති බවත් අන් දරුවන් හා සැසදීමෙන් සිදුවන කලකිරීම ඔවුන් තුළින් පහව යනු ඇති බවත්ය.

එමෙන්ම එරට අධ්‍යාපන අංශ විසින් පාසැල් ගුරුවරුන් දැනුවත් කර ඇත්තේ දරුවන් පිළිබදව තොරතුරු එක්රැස් කරන ලෙසත් එහිදී සාකච්ඡාමය ක්‍රමවේදයන්, ප්‍රශ්න විචාරාත්මක ක්‍රම වේදයන් ආදී විවිධ ක්‍රම මගින් දරුවන්ගේ ගුණාත්මක බව වැඩි කිරීමට උත්සහා කළ යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි