×

දූෂණ චෝදනාමත සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා අත්අඩංගුවට

විමර්ශනය හේතුවෙන් අගමැති ලී සියෙන් ලූං ඊස්වරන්ට සතිය මුලදී නිවාඩු යන ලෙස නියොග කර ඇති බවද සඳහන් වේ.


ප්‍රකෝටිපති හෝටල් ව්‍යාපාරික ඔන්ග් බෙන්ග් සෙන්ග් හා සම්බන්ධ දූෂණ විමර්ශනයක් සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍ය එස් ඊස්වරන් ඊයේ(14)දිනයේදී අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කළ බව සිංගප්පපූරුවේ දූෂණ විරෝධී ආයතනය නිවේදනය කර තිබේ.

දූෂණ විමර්ශන චෝදනාවන් මේ වන තෙක් හෙළිදරවුකර නොමැති අතර ඔන්ග් බෙන්ග් සෙන්ග් යනු Hotel Properties Limited (HPL) හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර එය ආසියා සහ පැසිෆික් කලාපය පුරා පිහිටි ඉහළ මට්ටමේ හෝටල් සහ නිවාඩු නිකේතන රැසකට හිමිකම් කියයි.

ලෝකයේ අවම දූෂිත රටවල් අතර ප්‍රසිද්ධියට පත් ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන සිංගප්පූරුවේ කැබිනට් ඇමතිවරුන්ට දූෂණය වැලැක්වීමේ අරමුණෙන් පෞද්ගලික අංශයේ ඉහලම ආදායම් ලබන්නන් හා සැසඳිය හැකි වැටුප් ගෙවනු ලබන අතර විමර්ශනය හේතුවෙන් අගමැති ලී සියෙන් ලූං ඊස්වරන්ට සතිය මුලදී නිවාඩු යන ලෙස නියොග කර ඇති බවද සඳහන් වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි