×

සත් අවුරුදු ගමන නිමා කරමින් ඉන්සයිට් යානය අඟහරු මතට ගොඩ බසියි.

නාසා ආයතනයට අයත් InSight රෝවර් යානය අඟහරු ග්‍රහයා මතට සාර්ථක ලෙස ගොඩ බැසි බව නාසා ආයතනය කියා සිටියි.


ඊයේ (26) පැසඩෙනා හි පිහිටා තිබෙන ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය අත්පොළසන් නදින් පුරවා දමමින් සිය මෙහෙයුම සාර්ථක වූ බව නාසා ආයතනය කියා සිටියේය. එය අඟහරු මතුපිට ස්පර්ශ වීමෙන් පසු විද්‍යාඥයෝ සිය අසුන්වලින් නැගිට එකිනෙකා වැළඳගෙන සුබ පතන අන්දම ද දැකගන්නට ලැබිණි.

මිනිසුන් රහිත මේ යානය, ඇමරිකානු ඩොලර් මිලියන 993 ක වියදමකින් නිර්මාණය කළ එකකි. රතු ග්‍රහයා ලෙස නම් ලද අඟහරු මතට ගොඩ බැසීමෙන් පසු එයට විශාල කාර්යභාරයක් පැවරී තිබේ. එහි පළමු පියවර ලෙස මේ වන විට ‘ඉන්සයිට්‘ විසින් රතු ග්‍රහයාගේ පළමු ඡායාරූපය ද පෘථිවිය වෙත එවා ඇත. ඉදිරියේදී රතු ග්‍රහයාව මාන 3 කින් යුතුව සිතියම් ගත කිරීමට බලාපොරොත්තු වේ.

මිනිසෙකුගේ ඉණ තරම් උස ඇති මේ යානය, රතු ග්‍රහයා වෙත ළඟා වූයේ වසර 7 ක පර්යේෂණ ගමනකින් පසුව ය. පැයට සැතපුම් 12,300 ක වේගයකින්, එනම් වෙඩි උණ්ඩයකටත් වඩා වේගයෙන් රතු ග්‍රහයා වෙත ඇදී ගිය මෙය ගොඩබැසීම සිදුකරන විනාඩි හයහමාරක කාලය තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකිව තිබිණි. එනිසා මෙම කාලය නාසා විද්‍යාඥයන් විසින් නම් කර තිබුණේ, ‘භීතියේ මිනිත්තු හයහමාර‘ යනුවෙනි. (“six and a half minutes of terror”)

රතු ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1500 ක් පමණ වේ.

පෘථිවියේ සිට ගිය අමුත්තෙක් අඟහරු ග්‍රහයා මතට සාර්ථක ලෙස ගොඩබැසි 8 වන අවස්ථාව මෙයයි.

මීට පෙර 2012 වසරේදී නාසා ආයතනය මගින් යැවූ ‘කියුරියෝසිටි‘ යානය ද අඟහරු ග්‍රහයා මතට ගොඩ බැස්සේය.

කෙසේ නමුත් නාසා විද්‍යාඥයන් විසින් සැලසුම් කළ පරිදි සියල්ල සිදුවන බව තහවුරු කර ගැනීමට හැකි වන්නේ අද සන්ධ්‍යාවේදී ය.

සම්පූර්ණයෙන්ම නාසා ආයතනයේ නිර්මාණයක් වන මේ යානය තුළ, යුරෝපා අජටාකාශ ඒජන්සිය විසින් ලබාදුන් උපකරණ අන්තර්ගත ය. එසේම ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, පෝලන්තය සහ බ්‍රිතාන්‍යය ද මේ සඳහා තාක්ෂණික දායකත්වය ලබාදී තිබේ.

ඉන්සයිට් යානයේ ප්‍රධානතම අරමුණ, අඟහරු ග්‍රහයා තුළ සැඟවී තිබෙන අබිරහස් අනාවරණය කර ගැනීමයි. එහිදී වසර බිලියන ගණනකට පෙර එය තැනුනේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ප්‍රධාන ය. ඒ අනුව පෘථිවිය වැනි වෙනත් පාෂාණමය ග්‍රහලෝක විශ්වය තුළ බිහිවූ ආකාරය ද අවබෝධ කරගැනීමට පිටුවහලක් එයින් ලැබෙනු ඇත.

වසර 2030-2040 අතර කාලයේදී රතු ග්‍රහයා මතට මිනිසුන් යැවීමේ සිහිනය ට පණ පෙවීමට නාසා ආයතනය දැන් පටන්ම සූදානම් වෙයි.

පෙර ලිපිය –

ඉදිරි සතියේ ලෝකය ඉදිරියේ ඇති වැදගත් සිදුවීම් 4 ක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි