×

ගෝතමාලාවේ නායයෑම් හේතුවෙන් 6 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු අතුරුදන්

ග්වාතමාලා වැසියන් දස දහස් ගණනක් පැල්පත් නිවාස වල ජිවත් වෙන අතර ග්වාතමාලාවේ දරිද්‍රතා අනුපාතය සියයට 59 කි.


පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ග්වාතමාලාවේ Naranjo ගඟේ ජලය God is Faithful ලෙස හැඳින්වෙන පැල්පත් නගරයක් හරහා පිටාර ගැලීම හේතුවෙන් අවුරුදු 5ක් වයසැති ගැහැණු දරුවකු ඇතුළුව 6 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු අතුරුදන්ව ඇතිබව ග්වාතමාලාවේ ආපදා අවම කිරීම සඳහා වූ ජාතික සම්බන්ධීකරණ ආයතනයට (CONRED) සඳහන් කර තිබේ.

සෑම වසරකම මැයි සිට නොවැම්බර් දක්වා දිවෙන ගෝතමාලාවේ වැසි සමයේදී නායයෑම් නිරන්තර තර්ජනයක් වන අතර මේ වසර තුළ අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස්, නිවාස 10,000ක් අහිමි ව ඇති අතර සමස්තයක් වශයෙන් මිලියන 2.1 ක ජනතාවක් පීඩාවට පත්ව සිටිති.

ග්වාතමාලා වැසියන් දස දහස් ගණනක් පැල්පත් නිවාස වල ජිවත් වෙන අතර ග්වාතමාලාවේ දරිද්‍රතා අනුපාතය සියයට 59 කි. එහි නිවාස ඒකක මිලියන 2 ක පමණ හිඟයක් ඇති අතර විශේෂඥයන් පවසන්නේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන් සඳහා නිවාස නොමැතිකම බොහෝ විට ස්වභාවික විපත්වලට ගොදුරු වන ස්ථානවල අවිධිමත් ජනාවාස ඉදිකිරීමට දායක වන බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි