×

ඇමරිකා ඉරාන ගැටුම් අතරේ මග හැරුණ ලෝකයේ කථා 5ක්

.


පුටින් තුර්කියට ගොස් යයි, ලිබියාව, සිරියාව සහ ගෑස් ගැන කතා කරයි

Erdogan and Putin

තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් නව ගෑස් නල මාර්ගයක් විවෘත කිරීම සඳහා රුසියානු සහචරයා වන ව්ලැඩිමීර් පුටින්ට සිය රටට ආරාධනා කරන ලදී, එහිදී ලිබියාවේ සහ සිරියාවේ මේ වන විට පවතින තත්වයන් පිළිබදවද සාකච්ඡා කිරීමට නියමිතය.

එක්සත් ජනපදය විසින් ඉරානයේ ඉහළ පෙළේ ජෙනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීමෙන් පසු මැද පෙරදිග දැඩි අවිනිශ්චිතතාවයක පවතින මොහොතක පුටින් සිරියාවේ සංචාරයක නියැලිණි ඒ යුද්ධය ආරම්භ වූ දා සිට ඔහු දමස්කයට ගිය පළමු අවස්ථාවයි.

 

ඕස්ට්‍රේලියාව ඔටුවන් 10,000 ක් පමණ මරා දැමීමට තීරණය කරයි.

Camels in Australia

10,000කට අධික ඔටුවන් සංඛ්‍යාවක් වෙඩි තබා ඝාතනය කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කළ අතර පැවති ලැවු ගිනි සහ නියගය හේතුවෙන් ඇති වූ ජල හිඟය සහ මෙම ඝාතන අතර සම්බන්ධතාවක් ඇත. මේ ඝාතන වලට හේතුව ලෙස ඕස්ට්‍රෙලියාව පෙන්වා දෙන්නේ ඔටුවන් වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමයි.

 

         සරම්ප හේතුවෙන් කොංගෝ ජනරජයේ 6000ක් මරුට

කොංගෝ ජනරජයේ (ඩීආර්සී) සරම්ප වසංගතයකින් මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේ ලෝකයේ දරුණුතම බෝවන රෝගය හේතුවෙන් ජීවිත බේරා ගැනීම සඳහා තවත් අරමුදල් අවශ්‍ය වන බව අවධාරණය කරමිනි..

2019 ආරම්භයේ සිට මේ දක්වා සැකකටයුතු රෝගීන් 310,000 ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ට්‍රම්ප් ව ධවල මන්දිරයට යැවූයේ අපි – ෆේස් බුක් විධායක අධ්‍යක්ෂ ඇන්ඩෘ බොස්වර්ත්

The Facebook logo and binary cyber codes are seen in this illustration

ෆේස්බුක් හි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු පසුගිය අඟහරුවාදා කියා සිටියේ ලෝකයේ විශාලතම සමාජ ජාලය නොදැනුවත්වම ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ඇතුළත් කිරීමට උදව් කළ බවයි. නමුත් පවතින නාටකාකාර නීති වෙනස්වීම් වලට එරෙහිව තම ආයතනය අනතුරු ඇඟවූ බවත් ඔහු කියා සිටියි.

ට්‍රම්ප් සිය ප්‍රචාරණ ව්‍යාපාරය ෆේබුක් ඔස්සේ සඵල කර ගත් බවත් පැවතුණ නිදහස් දේශපාලන කතිකාව මැඩපැවැත්වීමට පියවර නොගෙන එය සිදු වන්නට ඉඩ දුන් බවත් ඔහු සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ ලිපියක් පල කරමින් පවසා ඇත. ඔහු විසින් පළ කර තිබූ ලිපිය නිවු යෝර්ක් ටයිම්ස් පුවත් පත විසින් ප්‍රකාශයට පත් කර තිබිණ.

 

චීන මුහුදේ මතභේදාත්මක කලාපයට ඉන්දුනීසියාව ප්‍රහාරක ජෙට් යානා යොදවයි

මතභේදාත්මක දකුණු චීන මුහුද ආසන්නයේ පිහිටි දූපත් වල මුර සංචාර සඳහා ඉන්දුනීසියාව ප්‍රහාරක ජෙට් යානා සහ යුද නැව් යොදවා ඇති බව එරට හමුදාව බදාදා ප්‍රකාශ කළේය. පසුගියදා ඉන්දුනීසියාව විසින් චීන යාත්‍රා අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඇති වූ ගැටුමකින් පසු චීනය සහ ඉන්දුනීසියාව අතර අර්බුදකාරී තත්ත්වයක් පැන නැගිණ.

ඉන්දුනීසායනු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ද බදාදා දකුණු චීන මුහුදට මායිම්ව පිහිටි නැටුනා දූපත් අවට මසුන් ඇල්ලීමේ පොහොසත් මුහුද ආශ්‍රිත ප්‍රදේශය සංචාරය කරන ලදී. මෙම දූපත් බොහෝ ඒවා වියට්නාමය, පිලිපීනය සහ මැලේසියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල තරඟකාරී හිමිකම් නොතකා චීනය විසින් හිමිකම් කියන ඒවාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි