×

දකුණු කොරියානු ජනාධිපතිට සපත්තු ප්‍රහාරයක්

ජනාධිපතිවරයා මෙම ප්‍රහාරයෙන් ගැලවීමට සමත් වී ඇති අතර ඔහුගේ ආරක්ෂකයන් විසින් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලාගෙන පොලීසිය වෙත භාර දී තිබෙනවා.


දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ඊයේ (16) සපත්තු ප්‍රහාරයකට ලක් වී තිබෙනවා. ඒ එරට පාර්ලිමේන්තු සංකීර්ණය අසලදීය.

මූන් ජේ ඉන් ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සිට ඉන් පිටතට පැමිණෙද්දී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. චුංග් යනුවෙන් හඳුනාගෙන ඇති අදාල පුද්ගලයා තමා පැළඳගෙන සිටි සපත්තුවක් ගලවා ජනාධිපතිවරයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම ප්‍රහාරයෙන් ගැලවීමට සමත් වී ඇති අතර ඔහුගේ ආරක්ෂකයන් විසින් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලාගෙන පොලීසිය වෙත භාර දී තිබෙනවා.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි