×

ස්ලැබ් සිටි

ස්ලැබ් සිටි නිදහසද, සතුටද එහි තිබෙන්නේ යැයි ඔවුහු කියති. නමුත් ඒ ගැන හරියටම දන්නෝ කවරහුද..?


නීති නැත. සීමා නැත. මායිම් නැත. ගැහැනුද නැත. මේ ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටා තිබෙන වෙනම ලෝකයකි. එයට ස්ලැබ් සිටි හෙවත් ‘කොන්ක්‍රීට් නුවර’ යැයි කියනු ලැබේ. හිපියෝ ද නීතියෙන් පළායන්නෝද මතට ඇබ්බැහි වූවෝ ද සංගීත කාරයෝද දෙලොවටම නැත්තෝද මෙහි ජීවත් වෙති. මෙහි ජීවිත පුදුමාකාර ය. කිසිවෙකුගේ පාලනයකින් තොර ය. මෙහි වසන්නන් එයට කියන්නේ නිදහස කියා ය. කැලිෆෝනියා ප්‍රාන්තය සෑම ආකාරයකම ප්‍රශ්නවලින් බැට කමින් සිටියි. ආර්ථික සමාජයීය පාරිසරික යනාදී සෑම ආකාරයකම ගැටලු මෙහි තිබේ. නමුත් ස්ලැබ් සිටි වෙත යන්න.

එහි මේ කිසිදු ප්‍රශ්නයක් නැත්තා සේ ය. නිදහස එහි තිබේ. සතුටද එහි තිබෙන්නේ යැයි ඔවුහු කියති. නමුත් ඒ ගැන හරියටම දන්නෝ කවරහුද..? වචනාර්ථයට ගැළපෙන සේ මේ නගරය සහමුලින්ම පාහේ තැනී තිබෙන්නේ කොන්ක්‍රීට් ගොඩනැගිලිවලිනි. දෙවන ලෝක යුද්ධ සමයේදී ඩන්ලැප් කඳවුරේ නාවික හමුදා භටයන්ට ලැගුම් ගැනීම සඳහා ඒවා ඉදි කර ඇතත් අද එහි වෙසෙනේනේ මේ අනවසර පදිංචිකරුවන් ය. මේ ප්‍රදේශයේ ගස් කොළන් අවමයකි. කාලගුණය කර්කශ ය. වියළි ය. කැලිෆෝනියා කාන්තාරය මැද මේ නගරය පිහිටා තිබෙන බව ද කිව හැක. තෙතබරිත කමක් හාත්පස නොපෙනේ. සැබවින්ම කොන්ක්‍රීට් ගොඩනැගිලිවල පිහිටා තිබෙන්නේ මෙහි ජීවත්වන සියයකට ආසන්න සංඛ්‍යාවකගේ විනෝද මධ්‍යස්ථානයන් ය. ඔවුහු බිලියඞ් ක්‍රීඩා කරති. “මේක තමයි ඇමරිකාවෙ තියෙන අන්තිම නිදහස් තැන..” දශක කිහිපයකට පෙර මැදිවිය ඉක්මවා ඇති ජෝන් තරුණයෙකු මෙන් පවසයි. ඔහුගේ දිග යටි රැවුල දෙකට බෙදා ගොතා පබලු අල්ලා සරසාගෙන ඇත. නිතර ඔහු අත තිබෙන්නේ බිලියඞ් පිත්ත සහ බීර බෝතලයයි.

සැබවින්ම ඔවුන් ඇමරිකානු පුරවැසියන් ය. ජීවත්වන්නේද ඇමරිකානු ආණ්ඩුවට අයත් ඉඩම්වල ය. නමුත් ඒ හැර බාහිර ලෝකය සමග කිසිම බැඳීමක් ඔවුන්ට නැත්තා සේ ය. මෙහි වෙසෙන බොහෝ අය මෙන්ම ජෝන් සතුව ද අපූර්ව වාහනයක් ඇත. එය ළමා බයිසිකලයක් වැනි ය. කුඩා රෝද දෙකකට හැඬලයක් සවිකර රාමුව මත සවිකළ අයිස් පෙට්ටියකට වඩා වැඩියමක් නැත. රියැදුරු අසුන වන්නේ ද අයිස් පෙට්ටියයි.

එය පදවාගෙන කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් වෙත යන ඔහු පසුම්බියේ තිබෙන අවසන් කොළ කිහිපය වැය කර තවත් බීර කෑන් කිහිපයක් මිලදීගනියි. ඉන්පසු අත්‍යන්ත නිදහස භුක්ති විඳීම සඳහා සිය නිවෙස වෙතයයි. ඒ නිවාස යනු කිසිසේත්ම නිවාස ලෙස හැඳින්විය නොහැකි ජංගම වාහන ය. ඒවා පදවාගෙන යා හැකිද නොහැකිද යන්න වෙනම ප්‍රශ්නයකි. අතීතයේ යම් කලෙක ඒවා පණ ගැන්විය හැකි මට්ටමක පවතින්නට ඇති අතර අද ඒවා අපිළිවෙළ නේවාසිකයන්ගේ බෝඩිං ජීවිතවලට සෙවණ දෙයි. ඒවායේ අභ්‍යන්තරය වඩාත් සමාන වන්නේ උන්මන්තකයන්ගේ බෝඩිං කාමරවලට ය. ඒ සා අපිළිවෙළක් ඒවායේ දැකිය හැක.

මෙහි වෙසෙන්නේ අවිධිමත් ප්‍රජාවක් යැයි කිව හැක. ඔවුන්ට ඊනියා ශිෂ්ටාචාරයක් හෝ ශිෂ්ට සම්පන්න වීමක් අවශ්‍ය නැත. ජීවිතයේ වගකීම් ඔවුහු නොඋසුළති. සාමාන්‍ය කුටුම්භ ජීවිතයෙන් පළා යන්නන්ටද කාත්කවුරුවත් නැත්තන්ටද ලෝකයේ තිබෙන හොඳම තැන මෙතැනයි.

 නගරයේ තැන තැන ඒ වාහනවලින් ගළවා ඉවත් කළ ටයර් සී සී කඩ දමා ඇත. පෙරදා රාත්‍රියේ පැවැත්වූ එළිමහන් සාදවල අවශේෂයන් එපරිදිම මේස මත දහවල් අව්වේ කර වෙයි. නගර සභාවෙන් කසල ඉවත් කිරීමක් මෙහි නැත. වැසිකිළි කැසිකිළි පහසුකම් පවා නැත. මත්පැන් සහ දුම්වැටි ඔවුන්ගේ ප්‍රධාන ආහාරයයි. ඕනෑම වේලාවක සාද පැවැත්විය හැකි අතර රෑ බෝ වූ විට සෑම වාහනයක් අසලම ගිනි මැළ දැල්වෙයි. මෙහි වෙසෙන්නේ අවිධිමත් ප්‍රජාවක් යැයි කිව හැක. ඔවුන්ට ඊනියා ශිෂ්ටාචාරයක් හෝ ශිෂ්ට සම්පන්න වීමක් අවශ්‍ය නැත. ජීවිතයේ වගකීම් ඔවුහු නොඋසුළති. සාමාන්‍ය කුටුම්භ ජීවිතයෙන් පළා යන්නන්ටද කාත්කවුරුවත් නැත්තන්ටද ලෝකයේ තිබෙන හොඳම තැන මෙතැනයි. සර්පයන් අල්ලා උන්ගේ විෂ දළ ගළවා උන් ගෙළ වටා ඔතාගෙන සිටින උන්මත්තකයන්ද මෙහි සිටියි. නමුත් මෙහි වෙසෙන්නන්ගේ බහුතරය සිය විශ්‍රාම වැටුපෙන් කළ යුත්තක් නොමැතිජීවිතයේ අවසන් භාගය ගතකරමින් සිටිනවුන් ය. මේ අතර දුගී කම නිසා වෙන යා හැකි තැනක් නොමැති තැන මෙහි පැමිණ ජීවත්වන්නෝද වෙත්. ශීත කාල පමණක් මෙහි ගත කර සුවදායක තැන් කරා යන සංක්‍රමණිකයන් ද නැත්තේ නොවේ. ඔවුහු නොවැරදීම ස්ලැබ් සිටි මධ්‍යයේ තිබෙන උනුවතුර පොකුණේ ගිලිී නාති.

එය ශීතකාලයේ පවා සෑහෙන උනුසුමකින් යුතු ය. නළ ජලය කෙසේවත් නොමැති හෙයින් පානය සඳහා ජලය ලබාගන්නේද සියලු අපවිත්‍ර කසල රැඳි එවැනි ජල මූලාශ්‍ර කිහිපයකිනි. 90 දශකයේ දී ස්ලැබ් සිටි සංචාරකයන් හට ආකර්ෂණීය ස්ථානයක් විය. නමුත් අද සංචාරකයෝ මෙහි සිරි නැරඹීම පිණිස නොඑති. ඒ වෙනුවට වාහන තුළටම වී නගරය දෙස විමසුම් බැලුම් හෙළා පුදුමයෙන්ද කළකිරීමෙන්ද යුතුව ආපසු යති. නගරයට විදුලිබලය සපයා නැති අතර මේනිසා සූර්යකෝෂ හෝ ජෙනරේටරවල සහාය ලබාගැනීමට සිදුව තිබේ. රාත්‍රිය උදාවත්ම තේරුම්ගත නොහැකි උනුසුමක් ස්ලැබ් සිටි පුරා පැතිරී යයි. නගරයේ තැනින් තැන ගිනි මැළ දැල්වේ. මේ පුරයේ ජනයාගෙන් බහුතරය නිදි වර්ජිත ය. ඔවුන්ගෙන් සමහරක් දෙනා මහරෑ පුරා ද නිදිවරාගෙන අරමුණක් නැතිව දුම්බොති. ඉක්බිති නව අදහසක් නැගුණා සේ අසල සාදයක් පැවැත්වෙන ස්ථානයකට ගොස් එළිවන තෙක් නටති. ගයති. කොලරාඩෝ කතරට දිනපතා හිරු නැගෙතත් මෙහි ජීවත්වන්නන්ගේ ජීවිතවලට හිරු නැගීමක් හෝ බැසීමක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි