×

පියාගේ ඉරණමම උරුම වූ ඇය අල්මාස් එල්මන්

.


ලෝක ප්‍රකට සෝමාලියානු කැනේඩියානු සාම ක්‍රියාකාරිණියක වන අල්මාස් එල්මන් පසුගිය 20 වන දින වෙඩි තබා ඝාතනය කර ඇති බන අප්‍රිකානු සංගමයේ සොමාලියනු ඒකකය වන Amisom විසින් නිවේදනය කරනු ලැබීය. එම ප්‍රකාශයට අනුව අල්මාස් සෝමාලියානු අගනුවර වන මොගඩිෂුහී පැවති රැස්වීමක් සදහා සහභාගී වීමට යමින් සිටියදී ඇය මෙම වෙඩි ප්‍රහාරයට ලක් විය; මොගඩිෂු හී අධී ආරක්ෂිත කලාපයක් තුළදී මෙසේ සාම ක්‍රියාකාරිණියක් වෙඩි තබා මරා දැමීම පිළිබදව කැනඩාව සහ සෝමාලියානු බලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කරන ලදී.

ඇය සෝමලියාවට සාමය ගෙන එම සදහා අතිමහත් කැපවීමකින් කටයුතු කළ මෙම තරුණ සාම ක්‍රියාකාරිණිය හිටපු සෝමාලියානු තානාපතිවරියකද වෙයි. සෝමාලියානු සිවිල් යුද්ධයේදී ඇගේ පවුලේ සාමාජිකයන්  කැනඩාවේ ඔටාවා වෙත පලා යන ලදී. ඇගේ පියාද සුප්‍රසිද්ධ රාජතන්ත්‍රිකයෙකු වූ අතර ඔහුට අත්වූයේද අල්මාස් ට හිමි වූ ඉරණමමය. ඇගේ පියා වූ එල්මන් අලි අහමඩ් 1996 වසරේදී ඝාතනය කෙරුනේද සෝමාලියානු අගනගරය වන මොගඩිෂු හී දීය. ඇගේ මව වන ෆාර්ඩූන් ආඩේන් විස්න් සොමාලියාවේ එල්මන් සාම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට මූලික වූ අතර අල්මාස් ගේ සොහොයුරිය වන ඉල්වාඩ් එල්මාන් ගේ නම මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය සදහා යෝජනා වී ඇත.

මව විසින් ආරම්භ කළ එල්මන් සාම මධ්‍යස්ථානය සමඟ ඇය සිදු කළ සේවයට අමතරව, අල්මාස් සමාජ සාධාරණත්වය, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සෝමාලියානු ගැටුමට ගොදුරු වූ ළමයින් පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ඈ සිය ශක්තිය යෙදෙවුවාය.


අල්මාස් වෙඩි තබා මරා දමන විට ගැබිණි මාතාවකව සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.. ඇය අපෙන් ඉතා ඉක් මණින් වෙන්ව ගියා.. අමිනෙස්ට් ජාත්‍යන්තර සංවිධානය එසේ පවසයි. ඇගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇගේ මරණය පිළිබදව සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි