×

සෝනියා ගාන්ධි රෝහල්ගත කෙරේ

ඇයගේ තත්ත්වය ස්ථාවර බව පැවසෙන අතර වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇයව නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


කොන්ග්‍රස් පාර්ලිමේන්තු පක්ෂ සභාපතිණි 76 හැවිරිදි සෝනියා ගාන්ධි මහත්මිය උණ රෝගය වැළඳීම හේතුවෙන් දිල්ලි හි ශ්‍රීමත් ගංගාරාම් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මේවන විට ඇයගේ තත්ත්වය ස්ථාවර බව පැවසෙන අතර වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇයව නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාන්ධි මහත්මිය අනෙකුත් ඉහළ විපක්ෂ නායකයින් සමඟ අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 වැනි දින ඉන්දියානු ජාතික සංවර්ධන ඇතුළත් සන්ධානයේ (INDIA) මුම්බායි රැස්වීමට සහභාගීව සිට ඇති අතර මේ සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි