×

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස ජයග්‍රහණය කළ අතර සිරගෙයින් නිදහස් වී වසර හතරකට පසු එහි නායක නෙල්සන් මැන්ඩෙලා රටේ පළමු කළු ජාතික ජනාධිපති බවට පත් කළේය.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 28,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු දකුණු අප්‍රිකාව අද(27) සිය ප්‍රජාතන්ත්‍රවාදයේ 30වාන වසර සමරයි.

ප්‍රිටෝරියා හි රජයේ ආසනය වන යුනියන් ගොඩනැඟි නිදසක් සමරු උත්සවයට සම්බන්ධ වෙමින් 71ක් හැවිරිදි ජනාධිපති රමපෝ සා සඳහන් කර තිබුණේ, අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද වූ බවත් කළු සුළුතර පාලනය අවසන් කළ 1994 පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය දිනාගනු ලැබූ බවත්ය. එමෙන්ම දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තරුණයි. මේ වසර 30ක කෙටි කාලය තුළ අප අත්කරගත් දේ අප සැමටම ආඩම්බර විය යුතු දෙයකි. මෙය වසර 30කට පෙර තිබූ ස්ථානයට වඩා අසීමිත ලෙස හොඳ තැනක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස ජයග්‍රහණය කළ අතර සිරගෙයින් නිදහස් වී වසර හතරකට පසු එහි නායක නෙල්සන් මැන්ඩෙලා රටේ පළමු කළු ජාතික ජනාධිපති බවට පත් කළේය.

ජනාධිපති වීමෙන් අනතුරුව නෙල්සන් මැන්ඩෙලා 1994 වසරේ අප්‍රේල් මස 27වන දින මංගල කතාවේදී සඳහන් කලේ, 1994 අප්‍රේල් 27 වැනි දින උදා වූ නව අරුණැල්ලක් ලෙස, ජාතියක් ලෙස අප පැමිණෙන බිහිසුණු අතීතය සිහිපත් කළ නිසා, හැඟීම්වල උද්දීපනය යටපත් කර ගැනීමට අපෙන් කිහිප දෙනෙකුට හැකි විය. අපට දැන් ඇති විශාල හැකියාවන්; සහ අපව කැඳවන දීප්තිමත් අනාගතය. ඒ නිසා අපි අද මෙහිත්, රටේ අනෙකුත් ප්‍රදේශවලත්, අපේ ජාතියේ ජීවිතයේ ඓතිහාසික දිනයක් සනිටුහන් කිරීමට එක්රැස් වෙමු. දකුණු අප්‍රිකානුවන් ලොව පුරා කොතැනක සිටියත්, අපගේ රට කෙරෙහි අපගේ පොදු පක්ෂපාතිත්වය සහ එහි අනාගතය සඳහා අපගේ කැපවීම අලුත් කරන විට අපගේ හදවත් එක ලෙස ස්පන්දනය වන බවයි.

නෙල්සන් මැන්ඩෙලා ගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය ANC විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ, නව ව්‍යවස්ථාවක් සකස් කරන ලද අතර, එය ජාතිය, ආගම හෝ ලිංගිකත්වය නොසලකා සැමට සමානාත්මතාවය සහතික කරන දකුණු අප්‍රිකාවේ ඉහළම නීතිය බවට පත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි