×

වසංගතයෙන් බැට කන ජනතාව සමග දකුණූ කොරියාව අද ඡන්දය පවත්වන්නේ මෙහෙමයි

කොරෝනා ආසාදිතයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව


කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම අරම්භ වීමත් සමග ලෝකයේ මැතිවරණයක් පැවැත්වූ පළමු රාජ්‍ය බවට දකුණු කොරියාව පත් විය. දැඩි ආරක්ෂක ක්‍රම වේදයන් හා ආරක්ෂිත මාර්ගෝපදේශයන් මධ්‍යයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් තෝරා පත් කර ගැනීම සදහා වූ ඡන්ද විමසීම අද (බදාදා) උදෑසන ආරම්භ විය.

වෛරසය පැතිරෙන රාජ්‍යක් ලෙස මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධතා සහ විවේචන එල්ල වුවද එරට රජය මැතිවරණ කටයුතු ආරම්භ කරන ලදී.

සියළු ඡන්ද මධ්‍යස්ථාන විෂබීජ හරණය කිරීමෙන් පසු රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14000කදී ජනතාව වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දී ඇත. සෑම ඡන්ද දායකයෙක් සදහාම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර තිබෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේ දොරටුව අභියසදී ඡන්ද දායකයන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරනු ලැබේ. උෂ්ණත්වය පරීන්ෂා කිරීමේන් අනතරුව සෙල්සියස් 37.5 (ෆැරන්හයිට් 99.5) ට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති ඕනෑම අයෙකුට විශේෂ කුටියකට ගෙන යනු ලබයි.

එමෙන්ම සියලුම ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේදී දෑත් පිරිසිදු කාරක දියර භාවිතය අනිවාර්යඅ අතර සෑම අයෙකුම ප්ලාස්ටික් අත්වැසුම් භාවිතා කළ යුතු වේ. එමෙන්ම එකිනෙකා අතර මීටර් 1 (අඩි 3.2) දුරක් පවත්වා ගත යුතු වීම අනිවාර්ය කර ඇත.

මෙවර මැතිවරණය මගින් වත්මන් පාලන මුන් ජේ ඉන්ගේ පාලනයේ අවසන් වසර දෙක සදහා වන ඔහුගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරවීම සදහා අවශ්‍ය පසුබිම සළසා ගැනීම අරමුණු කරගෙන ඇත. අවම වැටුප්, රැකියා උත්පාදනය මෙන්ම උතුරු කොරියා සමග සම්බන්ධතා තර කර ගැනීඹ ආදාය ඔහුගේ වත්මන් රජයේ අරමුණු සහ ප්‍රතිපත්ති සදහා ඒ අනුව මග සළසා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ලෝකයේ බොහෝ රාජ්‍ය්‍යන් කොරෝනා වසංගත ව්‍යාප්තියක් සමග මැතිවරණ පැවැත්වීම සදහා ගෙන තිබූ තීරණ කල් තැබීය. දකුණු කොරියාවද ඒ අතර වූවත් නැවතත් ඡන්දය පැවැත්වීම සදහා තීරණය කෙරිණි.

චීනයෙන් පිටත රෝග ව්‍යාප්තියේ පළමු පිපිරුම සිදුවූ දකුණ් කොරියාව ඉතා සාර්ථක ලෙස එය මැඩ පැවැත්වීම හා පාලනය කර ගැනීමට බොහෝ දුරට සමත් විය.

කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් නව කිරීටක වෛරස් රෝගීන් 27 ක් අද දින වාර්ථා කළ අතර ඒ අනුව සමස්ත ආසාදිතයින් 10,591 ක් දක්වා වර්ධනය වී ඇත. මරණ 225 ක් වාර්තා වී තිබේ.

කොරෝනා ආසාදිතයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව.

පසුගිය සති අන්තයේ මුල් ඡන්ද විමසීමට සහභාගී වූ ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන 44 න් සියයට 27 කට ආසන්න සංඛ්‍යාවක් එයින් බැහැර කර ඇත. ඔවුන් අතර කොරොනා වයිරසය ආසාදිත රෝගීන් 2,800 ක් පමණ සිටින අතර, ඔවුන් සඳහා තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමට සහ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කෙරිණ.
මේ අතර ස්වයං නිරෝධායනයෙහි යෙදී සිටින පුද්ගලයින් 13,000 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇතත් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත්තේ බොහෝ විට අනෙක් ඡන්දදායකයින් සවස 6 ට (GMT 09:00) පිටත්ව ගිය පසු අවම වශයෙන් ඉතිරි පැයක කාලය තුළය.

දකුණු කොරියානු ඉතිහාසයේ කිසි දිනෙක මැතිවරණයක් අවලංගු කර නොමැති බව එරට මාධ්‍ය වාර්ථා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි