×

දකුණු කොරියාව වසර 10කට පසු සිය සන්නද්ධ හමුදා දිනය උත්කර්ෂවත්ව සමරයි

මෙම සැමරුම් උත්සවයේදී ඔවුන්ගේ වැඩිදියුණු කළ ආරක්ෂක ඉරියව්ව ප්‍රදර්ශනය කිරීම සඳහා දකුණු කොරියාවේ සහ එක්සත් ජනපදයේ හමුදා ගුවන් යානා මගින් ඒකාබද්ධ ගුවන් පාලමක් ද ඇතුළත් වන බව අමාත්‍යාංශය පවසයි.


දකුණු කොරියාවේ සන්නද්ධ හමුදා දිනය සැමරීමට සමගාමිව යුධ උපකරණ 340 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරමින් සෝල් අගනුවර පෙළපාලියක් පැවැත්වීමට සුදානම් බව වාර්තා වේ.

වසර 10කට පසු පවත්වනු ලබන මෙම පෙළපාලිය තුළ යුද ටැංකි, ස්වයංක්‍රීය කාලතුවක්කු සහ ප්‍රහාරක ගුවන් යානා සහ ඩ්‍රෝන ඇතුළු හමුදා උපකරණ 340 කට වැඩි ප්‍රමාණයක් රට තුළ ප්‍රදර්ශනය කෙරෙන අතර, 7,000 කට ආසන්න භට පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරන බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

අද පැවැත්වීමට නියමිත පෙළපාලිය Seongnam හිදී ආරම්භ වන අතර එහිදී Hyunmoo මිසයිල, දකුණු කොරියාවේ නවතම මිසයිල වලින් එකක් වන Hyunmo, L-SAM මිසයිල ප්‍රතිරෝධක, F-35 ජෙට් සහ රටෙහි ප්‍රථම දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද KF-21 ප්‍රහාරක යානය මහජන ප්‍රදර්ශනයට තබනු ඇත.

මෙම සැමරුම් උත්සවයේදී ඔවුන්ගේ වැඩිදියුණු කළ ආරක්ෂක ඉරියව්ව ප්‍රදර්ශනය කිරීම සඳහා දකුණු කොරියාවේ සහ එක්සත් ජනපදයේ හමුදා ගුවන් යානා මගින් ඒකාබද්ධ ගුවන් පාලමක් ද ඇතුළත් වන බව අමාත්‍යාංශය පවසයි. දෙරට තම සන්ධානයේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරන බැවින් එක්සත් ජනපද හමුදා කොරියාව යටතේ ඇති අටවන හමුදාවේ සටන් භටයින් 300 කට වැඩි පිරිසක් ද පෙළපාලියට සහභාගී වෙති.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි