×

තරු නෞකාව කක්ෂීය ප්‍රවේගයට ළඟා විය! SpaceX සාර්ථකව ගුවන්ගත වේ

Space Exploration Technologies Corp චන්ද්‍රිකා සන්නිවේදන සමාගම 2002 දී Elon Musk විසින් ආරම්භ කළ අතර එහි අරමුණ වුයේ අභ්‍යවකාශ ප්‍රවාහන වියදම් අඩු කිරීම සහ අවසානයේ අඟහරු මත තිරසාර ජනපදයක් සංවර්ධනය කිරීමයි.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : Space Exploration Technologies Corp හෙවත් SpaceX සිය දැවැන්ත ස්ටාර්ෂිප් රොකට්ටුව ටෙක්සාස් හි පිහිටි සිය කඳවුරේ සිට දියත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විට, තුන්වන උත්සාහය සාර්ථක වී ඇති අතර, පෙර දියත් කිරීම් දෙකම අසාර්ථක වූ අතර දුෂ්කරතාවන්ට මුහුණ දීමෙන් පරීක්ෂණ ගණනාවකින් අනතුරුව SpaceX කණ්ඩායම මෙවර දියත්කිරීම සිදු කළ බවයි ප්‍රකාශ කර තිබුණේ,

ස්ටාර්ෂිප් රොකට්ටුව අහස හරහා ගමන් කරන විට එලොන් මස්ක් SpaceX කණ්ඩායමට සිය සුබ පැතුම් එකතු කළ අතර ඔහු X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, තරු නෞකාව කක්ෂීය ප්‍රවේගයට ළඟා වූ බවයි.

Space Exploration Technologies Corp චන්ද්‍රිකා සන්නිවේදන සමාගම 2002 දී Elon Musk විසින් ආරම්භ කළ අතර එහි අරමුණ වුයේ අභ්‍යවකාශ ප්‍රවාහන වියදම් අඩු කිරීම සහ අවසානයේ අඟහරු මත තිරසාර ජනපදයක් සංවර්ධනය කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි