×

කොරෝනා හේතුවෙන් දිවියෙන් සමුගත් ප්‍රථම රාජකීයයා

ස්පාඥ්ඥයේ බෝර්බන්-පර්මා හි මරියා තෙරේසා කුමරිය කොරෝනා වෛරසයෙන් මියගිය ලොව ප්‍රථම රාජකීයයා බවට පත්ව ඇති බව ඇගේ සහෝදරයා වන සික්ස්ටෝ එන්රික් කුමරු ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත.


ස්පාඥ්ඥයේ බෝර්බන්-පර්මා හි මරියා තෙරේසා කුමරිය කොරෝනා වෛරසයෙන් මියගිය ලොව ප්‍රථම රාජකීයයා බවට පත්ව ඇති බව ඇගේ සහෝදරයා වන සික්ස්ටෝ එන්රික් කුමරු ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත.

හයවන ෆෙලිපේ රජුගේ දුරස්ථ ඥාති සහෝදරියක් වන කුමරිය වයස අවුරුදු 86 ක් වන අතර බ්‍රහස්පතින්දා පැරීසියේදී මිය ගිය බව නිවේදනයේ සඳහන්. ඇගේ අවසන් කටයුතු සිකුරාදා මැඩ්රිඩ් හිදී සිදු කෙරිණි.

ඉරිදා වන විට ප්‍රංශයේ පුද්ගලයින් 2,606 දෙනෙකු කොරොන වෛරසයෙන් මියගොස් ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරෝම් සලමොන් පැවසු අතර පැය 24 ක් තුළ මරණ 292 කින් වැඩි වී ඇති බව වාර්තා වේ.

ප්‍රංශ මහජන සෞඛ්‍ය වෙබ් අඩවියට අනුව ඉරිදා ප්‍රංශයේ වෛරසය 40,174 ක් වාර්තා වී තිබේ.එය සෙනසුරාදාට වඩා 2,599 ක් වැඩිය-6.9% ක වැඩිවීමක් සනිටුහන් කරයි – නමුත් එය පසුගිය දින කිහිපයට සාපේක්ෂව කුඩා වැඩිවීමකි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව රට තුළ රෝගීන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 6,803 ක් වාර්තා වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි