×

මකුළු ලෝකයේ සිවුරු හොරා ගෝල්ඩන්රොඩ්

සාමාන්‍යයයේ අනෙක් මකුළුවන් සිය ගොදුරු සොයා ගන්නේ මකුළු දැල ආශ්‍රයෙනි. නමුත් ගෝල්ඩන්රොඩ් කකුළු මකුළුවා තම ගොදුරු අල්ලාගන්නට කිසි විටෙකත් දැල් උපයෝගී කර නොගනී.


දකුණු ඇමරිකාවට සහ යුරේසියාවට ආවේණික වුණු මල් විශේෂයකි ගෝල්ඩන් රොඩ්. මේ මල් මත සුළභව දැකිය හැකි මකුළුවෙකි සත්ව විද්‍යාත්මකව Misumena vatia ලෙස හැඳින්වෙන ගෝල්ඩන්රොඩ් මකුළුවා.

කකුළු මකුළු පවුලේ සාමාජිකයෙක් වන ගෝලඩන්රොඩ් මකුළුවා මකුළු ලෝකයේ සුවිශේෂී මකුළුවෙකි.

ඔවුන්ගේ ඉදිරි පාද යුගල කකුළුවෙකුගේ මෙන් ඉදිරියට නැඹුරු වූ ස්වරූපයක් ගන්නා අතර , කකුළුවෙකු මෙන් පසුපසටත්, පැත්තෙන් පැත්තට පාර්ශ්වීය ලෙසත් චලනය වීමේ හැකියාකින් යුක්තවේ..

මකුළු ලෝකයේ ගෝල්ඩන්රොඩ් අනෙක් මකුළුවන්ට වඩා සුවිශේෂී වන්නේ ඔහුගේ විශාලත්වය සාමාන්‍ය මකුළුවෙකුට වඩා කුඩා වීම මෙන්ම වේශාන්තරණය වීමට ඔහුට තිබෙන හැකියාවත් සමගිනි. මන්ද වේශාන්තරණය මකුළු ලෝකය තුළ දුලබ සිදුවීමක් වන නිසාවෙනි.

සාමාන්‍යයෙන් අනෙක් මකුළුවන් සිය ගොදුරු සොයා ගන්නේ මකුළු දැළ ආශ්‍රයෙනි. නමුත් ගෝල්ඩන්රොඩ් කකුළු මකුළුවා තම ගොදුරු අල්ලාගන්නට කිසි විටෙකත් දැල් උපයෝගී කර නොගනී. සැඟවී සිට පහරදෙන දඩයක්කරුවන් ලෙස ප්‍රසිද්ධ මොවුන් සිය ගොදුරු ඉලක්ක කර ඉතා උපක්‍රමිකව ගොදුරු අල්ලා ගනී.

ගෝලඩන්රොඩ් මකුළුවා මෙන්ම Misumena vatia විශේෂයේ මකුළුවන් තමන් ඉන්නා පෘෂ්ඨයක මතුපිටට සමීප වර්ණයක් ගෙන නැතිනම් සිය සිරුර වේශාන්තරය කිරීමෙන් උපක්‍රමික ලෙස ගොදුරට සමීප වේ. ඔවුන්ට මෙසේ සිරුර කහ පැහැ ගන්වා ගත හැක්කේ කෙසේද? ඔවුන්ගේ සිරුර තුළ ඇති කයිනුරෙනීන් සහ හයිඩ්රොක්සිකයිනුරෙනීන් නම් කහ පැහැති වර්ණක සහිත දියරයක් ශරීරයේ බාහිර සෛල ස්ථරයට මුමා හැරීම මෙහිදී සිදු වෙයි. ඉන්පසුව සුදු පැහැය මූලික කරගෙන එම කහ වර්ණය පහල ස්ථරයන් වෙත පරිවහනය කරනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල සුදු පැහැ ගැන්වීමෙන් අනතුරුව එය බාහිරයට පෙනෙන්නට පටන් ගනී. මෙම මකුළුවන් දීර්ඝ වේලාවක් සුදු පැහැති පෘෂ්ඨයක රැඳි සිටින්නේ නම් කහ වර්ණක ශරීරයෙන් දිගින් දිගටම බහිස්‍රාවය කරති. එමගින් ශරීරය කහ පැහැවීම දිගු වේලාවකට ප්‍රමාද වන අතර එසේ සිදු වූ පසු සාමාන්‍යයෙන් පැහැය සුදු වර්ණයයේ සිට කහ වර්ණය දක්වා වෙනස් වීමට දින 25කට ආසන්න කාලයක් ගත වෙයි. නැවතත් ඔහු සාමාන්‍ය ගෝල්ඩන්රොඩ් මකුළුවකුගේ වර්ණය ගන්නේ දින 6කට ආසන්න කාලයක් ගෙවුණ පසුවයි.

ගෝල්ඩන්රොඩ් පිරිමි සතුන් ප්‍රමාණයෙන් මි. මී.5ක් තරම් වන නමුත් ගැහැණු සතුන් මි. මී.10ක් පමණ වේ. ඩේසි සහ සූරියකාන්ත මල් වල සිටින නොමේරූ ගැහැණු සතුන්ට තමාගේ ශරීර වර්ණය තමා කැමති පරිදි වෙනස් කරගැනීමෙ හැකියාව ඇති අතර මේරු ගැහැනු මකුළුවෙකුට ශරීර වර්ණය වෙනස් කරගැනීමට වර්ණක බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. එමෙන්ම කාර්යය සඳහා ඔවුන්ට දීර්ඝ වේලාවක් ගතවෙයි. ඒ නිසා ම ඔවුන් වැඩිපුර තොරා ගන්නේ තද කහ පැහැති ගෝල්ඩන්රොඩ්ය.

මකුළු ලෝකයේ සාමාන්‍ය මකුළුවන්ට වඩා සුවිශේෂීත්වයක් ගන්නා ගෝල්ඩන්රොඩ් මකුළු විෂේෂයේ පිරිමි සතුන්ට වඩා ගැහැණු සතුන් ප්‍රමාණයෙන් විශාල වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි