×

ශ්‍රි දේවී ජීවිත සිනමාවෙන් සමු ගනී.

දකු‍ණු ආසියානු සිනමා කර්මාන්තයේ නොමැකෙන මතකයන් සමුදායක් සටහන් කළ ඉන්දීය නිළි ශ්‍රි දේවී ඊයේ රාත්‍රියේදී සිය ජීවිත සිනමාවට සමුදුන්නාය.


1963 උපන් ඈ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට වයස 54ක් වූවාය. සිය පවුලේ සාමාජිකයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් සඳහා ඩුබායි බලා ගෝස් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් ඇගේ මරණයට හේතු වූ බව ඇගේ පවුලේ සාමාජිකයින් විසින් මාධ්‍ය වෙත දන්වා ඇත.

ප්‍රධාන නළුවකුගේ සහයක් නොමැතිව බොක්ස් ඔෆිස් වාර්ථා තබන්නට සමත් චිත්‍රපට බිහි කිරීමේ අතළොස්සක් නිළියන් අතර ඈට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ.

වයස අවුරුදු 4ක කුඩා දැරිවියක සිටියදී ඉංදීය සිනමාවට පිවිසි ඈ තෙළිඟු, මළයාලි, හිංදි මෙන්ම කණ්නඩා යන බොහෝමයක් භාෂාවන්ගෙන් නිමැවුණ සිනමා පට සදහා රංගනයෙන් දායක වී ඇත. ප්‍රධාන නළුවකුගේ සහයක් නොමැතිව බොක්ස් ඔෆිස් වාර්ථා තබන්නට සමත් චිත්‍රපට බිහි කිරීමේ අතළොස්සක් නිළියන් අතර ඈට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. මිය යන අවස්ථාවේ ඇගේ සැමියා වන බොනී කපූර් සහ දියණිය වන කුෂී කපූර් ඈ සමඟ සිට ඇති අතර ඇගේ මරණයෙන් මේ වන විට සමස්ත ඉංදීය සිනමා ප්‍රේකෂකයන් පමණක් නොව ලෝකය පුරා විසිර සිටින් රසික රසිකාවියන් කම්පා වී සිටී. දශක පහක සිය සිනමා ජීවිතයේ මිස්ටර් ඉන්දියා, චාන්දිනි, චාල් බාස් ඇතුළු සිනමා පට 150කට වැඩි ප්‍රමාණයකයට රංගනයෙන් දායක වූ වාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි