×

රෝහල්වල මළ සිරුරු පිරී යන ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය – චැනල් නිව්ස් ඒෂියා වාර්තාව

පහත දැක්වෙන්නේ Sri Lanka holds mass cremations as COVID-19 cases surge යනුවෙන් Channel News Asia පුවත් සේවය අගෝස්තු 9 වැනිදා පළ කළ පුවතයි.


කෝවිඩ් වසංගතය පැතිර යන වේගය අනුව මේ වන විට රෝහල්වල මළ සිරුරු පිරී යමින් තිබේ.

ඒ අනුව ඉරිදා හවස කොළඹ මහ නගර සභාව විසින්, කොළඹ පොදු සුසාන භූමියේදී මළ සිරුරු 15 ක් ආදාහනය කළේය. මේ අතර කොළඹ ජාතික රෝහල පවසන්නේ, මළ සිරුරු තබාගැනීම සඳහා තමන්ට තවදුරටත් ඉඩ පහසුකම් නොමැති බවයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිය අයගේ මළ සිරුරු රෝහල්වල ගොඩ ගැසී ඇති බවයි. සති අන්තය පුරා ආදාහනාගාර ක්‍රියාත්මක ව පැවතියත්, මළ සිරුරු ගොඩගැසෙන වේගය අනුව එය සිදුවන බවත් ප්‍රකාශ විණි.

‘‘මේ වේගය අනුව අපට අලුත් ආදාහනාගාර සකස් කරන්න වෙනවා..‘‘ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය සමග පැවසුවේය.

අගෝස්තු 9 වැනිදා වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාර පහසුකම් නොමැති ව මළ සිරුරු 20 ක් පමණත තිබී ඇති අතර, පානදුර රෝහලේ මෙම සංඛ්‍යාව 50 ක් පමණ විය.

කොළඹ ජාතික රෝහලේ ශීත පහසුකම් සහිත මෘත ශරීරාගාර 66 ම පිරී ගොස් ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වසංගත සමය තුළ රජය විසින් කෝවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ ඔවුන්ගේ ඥාතීන්ට භාර නොදී ඒවා බැහැර කිරීම සිදු කරයි.

පසුගිය සිකුරාදා දිනය වන විට වාර්තා වූයේ, රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට බලා සිටින අතරවාරයේ ද කෝවිඩ් රෝගීන් මරණයට පත් වන බවයි.

කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිය අයගේ මළ සිරුරු ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව අගෝස්තු 9 දා සිට නැවත වරක් සමූහ ආදාහනයන් සිදුකිරීම ආරම්භ කළේය. ආගමික විරෝධතා හේතුවෙන්, පසුගිය දෙසැම්බරයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව මළ සිරුරු ආදාහනය කිරීම නතර කළේ මුස්ලිම් ජාතිකයන් 15 දෙනෙකු සහ දින 20 ක් වයසැති බිළිඳෙකු ආදාහනය කිරීම සමග හටගත් ආන්දෝලනය හේතුවෙනි.

නමුත් දේශීය සහ අන්තර්ජාතික වශයෙන් නැග ආ විරෝධය හේතුවෙන් අවසානයේ ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන් හට නැගෙනහිර පළාතේ හුදෙකලා කලාපයක මුස්ලිම් සම්ප්‍රදායන්ට අනුව මළසිරුරුවල අවසන් කටයුතු සිදුකිරීමට අවසර ලබාදුන්නේය.

මෙහි මුල් ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි