×

2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය – ශ්‍රී ලංකාව

ලොව ප්‍රධානතම සංචාරක මගපෙන්වීම් ප්‍රකාශකයෙකු වන ලෝන්ලි ප්ලැනට් - Lonely Planet විසින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. එය සැබෑවක්දැයි සොයාබැලීම සඳහා ‘ද ස්කොටිෂ් ඩේලි මේල්‘ පුවත්පතේ ඇන්ඩෘෘ හැරිස් (Andrew Harries) ලංකාවට පැමිණියේ ය. මේ ඔහු සොයාගත් දේවල් ය.


ලංකාවේදී ඔබ මියුරු තේ කෝප්පයක රස බලන්නේ නම්, එවකට තරුණ ස්කොට් ජාතිකයෙකු වූ ජේම්ස් ටේලර් ඔබට අමතක කළ නොහැක. වයස අවුරුදු 16 දී ස්කොට්ලන්තය දමා ආ ඔහු, ලංකාවට තේ කර්මාන්තය හඳුන්වා දී 1872 වසරේදී රටේ පළමු තේ කම්හල ආරම්භ කළේය. 90 දශකය මැද භාගය වන විට ලෝකයේ විශාලතම තේ අපනයනකරුවා වූයේ ශ්‍රී ලංකාවයි.

එතැන් පටන් ලංකාවේ තේ කර්මාන්තය වෙනස්කම්වලට ඉතා මද වශයෙන් පමණක් වෙනස්කම්වලට ලක්ව ඇති බව පෙනේ. මහනුවරට යාබද කඩුගන්නාව තේ කම්හලේ තවමත් භාවිතා වන්නේ අවුරුදුඅ 150කට පෙර සන්ඩර්ලන්ඩ් වෙතින් නැව්ගත කළ යෝධ මැෂින් ය.

Andrew and his wife Caroline thoroughly enjoyed a train ride from Kandy to Ella. The train climbs very slowly up 1,500m through mountains, jungle and tea plantations

මෙම ලිපිය ලියන ඇන්ඩෘෘ, ලංකාවට මෙවර පැමිණ තිබෙන්නේ සිය සහකාරිය ද සමග ප්‍රේමයේ 20 වන සංවත්සරය සැමරීම ද සඳහා ය. ඔවුන් ලැගුම් ගැනීමට තෝරාගෙන තිබූ මහවැලි ගඟ අසබඩ ‘සිනමන් සිටඩෙල්‘ හෝටලය සම්බන්ධව ද ඔහු මනරම් විස්තරයක් ඉදිරිපත් කරයි.  

‘‘මෝසම් වැස්සෙන් ඉදිමී, මඩ වී තිබූ මහේශාක්‍ය මහවැලි ගඟ මොහොතින් ශ්‍රී ලංකාවේ වනජීවීන් නිරීක්ෂණය සඳහා රහස් ඇසක් සදාලීය. දැවැන්ත ජලකර කටුස්සෝ, අති ක්‍රියාකාරී අළු පාට ලැන්ගූර් වඳුරන්, විලාප නගන මී හරකුන් සහ වවුල් කොලනියකින් බර වූ ගසක් ඒ අතර විය. හෝලයට පැමිණි අපි, ඒ යෝධ පළතුරු වවුලන් ගඟ හරහා ඔබ මොබ පියාසර කරන අයුරු නැරඹීමු. එය අපට ජුරාසික් පාක් හි අසාමාන්‍ය පියැසැරියන් සිහිගැන්වීය“ යැයි ඔහු සිය ලිපියේ ලියා තිබේ.

The Cinnamon Citadel accommodation in Kandy. Before arriving Andrew and his wife enjoyed lunch at a stunning restaurant above the banks of the Mahaweli River 

අළුයම තුනට පමණ දළදා මාළිගාවේ තේවා හඬට ඇහැරුණු ඇන්ඩෘෘ, දළදා තේවාවන් පිළිබඳව ද සිය ලිපියේ විස්තර කරයි.

Tea pickers get ready for work in the Sri Lankan town of Kandy. In the 90s, Sri Lanka was the world’s biggest exporter of tea

අනතුරුව ඔවුන් සිය රියැදුරා වන පාලිත සමග නගරයේ දුම්රිය ස්ථානය බලා යන්නේ ඇල්ල බලා යාම සඳහා ය.

ලෝකයේ දර්ශනීයතම දුම්රිය ගමන්වලින් එකක් වශයෙන් නිරන්තරයෙන් සඳහන් වන ඇල්ල දුම්රිය ගමන විහිදෙන්නේ මීටර 1500 ක් තරම් උස කඳුකරය, වනාන්තර සහ තේ වතු මැදිනි.

Inside one of the 14 cabins at the Uga Chena Huts. Each hut measures 1,100 sq ft and each has a private plunge pool and a bed ‘the size of a squash court’

Wigtown, Braemar සහ Eskadale තේ වතු හරහා යන විට ඇන්ඩෘෘට ස්කොට්ලන්ත උරුමය තවමත් කොතරම් ශ්‍රී ලංකාව තුළ ඉතිරිව පවතියිද යන්න හොඳින් දෘෂ්‍යමාන විය.

One of the outdoor dining tables at the Secret Ella, a former tea plantation manager’s house, located high in the mountains

‘‘ඇල්ල ප්‍රදේශයේ අක්කර දහයක පමණ තේ වතු යායක් තිබේ. හිරු නැගීමෙන් පසුව තේ ළඳුන් එහි තේ දළු නෙළන ආකාරය නැරඹීමට අපි ගියෙමු. මේ කාන්තාවන් දිනකට තේ දළු කිලෝ 18 ක් නෙළීම සඳහා වෙහෙසෙන්නේ ඩොලර් 2.50 ක වේතනයකට ය. “

අනතුරුව ඔවුන් යන්නේ යාල ජාතික වනෝද්‍යානය වෙත ය. Uga Chena Huts, හම්බන්තොට ෂාන්ග්රි ලා හෝටලය අනතුරුව මෙම සංචාරක ලේඛකයාගේ නොමද ප්‍රශංසාවට ලක් වේ.

During a visit to Yala National Park, the couple spotted an abundance of wildlife including deer, water buffalo, crocodiles and a leopard (file image)

හම්බන්තොට දී ත්‍රි රෝද රියක නැගී ගිය ගමන මහත් විනෝදජනක වූ බව ඇන්ඩෘෘ පවසයි.

‘‘සමකයට අතිශය ආසන්නයෙන් අප සිටින හෙයින් පැතලි හිරු ගලක් සේ දිස්වෙයි. නමුත් එය දර්ශනීය ය. අවසානයේ අප ස්කොට්ලන්තය බලා යන්නේ සූට්කේසවල පුරවාගත් සතුටු මතක සහ, ශ්‍රී ලංකාවේ හොඳම තේ ඇසුරුම් දෙකක් ද සමග ය.

ඔව්! ලෝන්ලි ප්ලැනට් කීවා හරි ය.“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි