×

ඕස්ට්‍රේලියානු රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

දශක දෙකකට පසු කැන්බරාවේ ඇති වූ දරුණුතම ලැවු ගින්නත් සමග එරට රජය මෙම පියවර ගනී


ඕස්ට්‍රේලියාව අද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී, කැන්බරා නගරයේ හදිසියේ ඇතිවූ දැවැන්ත ලැවුගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්ථා වේ.

පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවට එල්ල වූ දැවැන්තම ලැවුගිනි තර්ජනය මෙය වේ. හදිසියේ ඇති වූ මෙම ලැවු ගින්න හෙක්ටයාර 18500කට වඩා භූමි ප්‍රමාණයක් දවා ඇත.
ඒ අනුව ඕස්ට්‍රෙලියානු රජය කැන්බරාහී වාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ හදිසි ඉවත් කිරීමක් සදහා සියල්ලන්ටම සූදානමින් සහ අවධානයෙන් සිටින ලෙසයි.

2003 වසරේ ඇතිවූ විනාශකාරී ලැවුගින්නෙන් පසු මෙවර කැන්බරාව මෙතරම් දරුණු ලැවු ලැවු ගිනි තත්ත්වයකට මුහුණූ දුන් අවස්ථාව මෙයි වෙයි. සිඩ්නි සහ මෙල්බර්න් අතර පිහිටා ඇති කැන්බරා හී පදිංචිකරුවන් 400,000 ක් පමණ සිටිති. 2003 දී කැන්බරා නගරාසන්නයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තවත් 500 දෙනෙකුට තුවාල සිදු වූ අතර නිවාස 470 ක් විනාශ විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි